සෑම පුද්ගලයෙකුටම මූල්‍ය දුෂ්කරතාවලින් තොරව ගුණාත්මක සෞඛ්‍ය සේවා ලබාදීම අරමුණු කරගත් සාර්ව (විශ්වීය) සෞඛ්‍ය ආවරණය (Universal Health Coverage – UHC) සාක්ෂාත් කර ගැනීමේ වැඩසටහන යටතේ “මධ්‍යම රජයේ සහ පළාත් සභා සංවාදය” මහනුවර කැන්ඩි මිස්ට් හෝටලයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
ජූලි 30 වැනි දින සිට අගෝස්තු 1 වැනි දින දක්වා තෙදිනක් පුරා පැවැත්වෙන මෙම වැඩසටහන මඟින් මධ්‍යම රජයේ සහ පළාත් සභා සෞඛ්‍ය බලධාරීන් අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම, ද්විතීයික සෞඛ්‍ය සේවා සංවර්ධනය කිරීම සහ සෞඛ්‍ය සේවා සැපයීමේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කර ඇත. ශ්‍රී ලංකා රජය, ජපාන රජය, JICA සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) ඇතුළු සංවර්ධන හවුල්කරුවන්ගේ සහයෝගයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.














