පාකිස්තානයේ විදෙස් මාධ්‍ය වාර්තාකරණය සඳහා නව දැඩි සීමා පැනවීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ. ඉස්ලාමාබාද්, කරච්චි සහ ලාහෝර් යන නගර හැර වෙනත් ප්‍රදේශවලින් වාර්තා කිරීම සඳහා විදෙස් මාධ්‍ය වෙනුවෙන් සේවය කරන පිරිස් විශේෂ අවසරයක් ලබාගත යුතු බව නව මාර්ගෝපදේශ මඟින් නියෝග කර ඇත.
ජාත්‍යන්තර මාධ්‍ය සංවිධාන සහ මාධ්‍යවේදීන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති මෙම නව රීති යටතේ, ප්‍රාදේශීය ප්‍රවෘත්ති වාර්තා කිරීමේදී බලධාරීන්ගේ අනුමැතිය මත යැපීමට සිදුවන බව වාර්තා වේ. එසේම, ජාතික ආරක්ෂාවට හෝ රාජ්‍ය ප්‍රතිපත්තිවලට එරෙහි වන ක්‍රියාකාරකම්වල නිරතවන මාධ්‍යවේදීන්ගේ අක්තපත්‍ර අවලංගු කිරීමටද රජය පියවර ගෙන තිබේ. කෙසේ වෙතත්, මෙම නව මාර්ගෝපදේශ පාලනයක් සඳහා නොව පරිපාලනමය යාන්ත්‍රණයක් සකස් කිරීම සඳහා පමණක් හඳුන්වා දුන් බව පාකිස්තාන රජය අවධාරණය කරයි.













