අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින සටන් විරාම කාලය අවසන් වීමට ප්‍රථම, දෙපාර්ශ්වය අතර දෙවන වටයේ සාකච්ඡා ඉස්ලාමාබාද් නුවරදී පැවැත්වීමට පාකිස්ථානය යෝජනා කර ඇති බව එරට උසස් නිලධාරීන් දෙදෙනෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දැනට පවතින රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර, සාකච්ඡා සඳහා සහභාගී වන පාර්ශ්වයන් වෙනත් ස්ථානයක් ඉල්ලා නොසිටින්නේ නම් ඉදිරි දින කිහිපය තුළ මෙම හමුව පැවැත්වීමට නියමිතය. පළමු වටයේ සාකච්ඡා අවසන් එකඟතාවයකින් තොරව නිම වුවද, එය දීර්ඝ කාලීන සාම ක්‍රියාවලියක එක් පියවරක් පමණක් බව බලධාරීහු පෙන්වා දෙති. මැදපෙරදිග කලාපීය ස්ථාවරත්වය උදෙසා මෙම සාකච්ඡා වටය තීරණාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














