මැදපෙරදිග අර්බුදය හමුවේ ජාත්‍යන්තර ඉන්ධන මිල ඉහළ මට්ටමක පැවතීමත් සමඟ පාකිස්තානය පෙට්‍රල් සහ අධිවේගී ඩීසල් මිල යළි ඉහළ නංවා තිබේ. සැප්තැම්බර් 17 සඳහා පෙට්‍රල් ලීටරයක මිල පාකිස්තාන රුපියල් 6.88කින් ඉහළ දමා රුපියල් 391.22ක් කර ඇති අතර, අධිවේගී ඩීසල් ලීටරයක මිල රුපියල් 5.62කින් ඉහළ දමා රුපියල් 421.45ක් කර තිබේ.
මෙය පාකිස්තානයේ ඉන්ධන මිල අඛණ්ඩව ඉහළ දැමූ 8 වැනි අවස්ථාවයි. ජාත්‍යන්තර ඉන්ධන මිල, වෙළඳපොළ අනුපාත සහ අනෙකුත් අදාළ සාධක සැලකිල්ලට ගනිමින් නව මිල ගණන් තීරණය කළ බව එරට බලධාරීහු පවසති.
මේ අතර ඉහළ ඉන්ධන මිලෙන් ජනතාවට සිදුවන බලපෑම අවම කිරීම සඳහා යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ 800cc දක්වා කුඩා මෝටර් රථ සඳහා විශේෂ ඉන්ධන සහන වැඩසටහනක්ද පාකිස්තාන රජය හඳුන්වා දී තිබේ. සුදුසුකම් ලබන පිරිසට නියමිත මාසික ඉන්ධන ප්‍රමාණයක් සඳහා ලීටරයකට පාකිස්තාන රුපියල් 100ක සහනයක් ලබාදීමට එම වැඩසටහන සැලසුම් කර ඇත.













