පාකිස්තානයේ වෛද්‍ය සහ දන්ත වෛද්‍ය අධ්‍යාපනය හදාරන ඇෆ්ගනිස්තාන සිසුන්ගේ අධ්‍යාපන කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට එරට වෛද්‍ය සහ දන්ත වෛද්‍ය කවුන්සිලය (PM&DC) නියෝග කර ඇත.
මෙම නව නියෝගය දැනට වෛද්‍ය පාඨමාලා හදාරන සිසුන්ට මෙන්ම නවක සිසුන් ඇතුළත් කර ගැනීමටද එකසේ අදාළ වන අතර, නැවත දැනුම් දෙන තුරු එය දැඩි ලෙස බලාත්මක වන බව සඳහන් කර ඇත. ඒ අනුව, දැනට පාකිස්තානයේ වෛද්‍ය හෝ දන්ත වෛද්‍ය විද්‍යාව හදාරන ඇෆ්ගන් සිසුන් යළි තම රට වෙත පැමිණිය යුතු අතර, පාකිස්තාන ආයතන තුළ සිසුන්ගේ ස්ථාන මාරුවීම් සහ සංක්‍රමණය වීම් සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.
රට පුරා පිහිටි සියලුම රජයේ සහ පෞද්ගලික වෛද්‍ය ආයතන වෙත මෙම නියෝගය බලපාන අතර, අදාළ ඇෆ්ගනිස්තාන සිසුන් පිළිබඳ සවිස්තරාත්මක වාර්තා දින තුනක් ඇතුළත කවුන්සිලය වෙත ලබා දෙන ලෙසටද උපදෙස් දී ඇත.













