පසුගිය මාසයේදී ඉරානය සමඟ ඇති කරගත් අන්තර්කාලීන එකඟතාව “අහවර වී” ඇති බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයෙන් පැය කිහිපයකට පසු, පාකිස්ථාන විදේශ අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහිදී පාකිස්ථානය අවධාරණය කර සිටින්නේ කලාපීය සහයෝගීතාවය සහ අන්‍යෝන්‍ය ගෞරවය උදෙසා ‘ඉස්ලාමාබාද් අවබෝධතා ගිවිසුම’ (Islamabad MoU) යටතේ ඇති පොරොන්දු සහ බැඳීම් එලෙසම ඉටු කිරීමට සියලුම පාර්ශවයන් කටයුතු කළ යුතු බවයි. මැදපෙරදිග ගැටුම් නිමා කිරීමේ අරමුණින් පසුගිය ජුනි මාසයේදී ස්විට්සර්ලන්තයේ පැවැති සමුළුවකදී ඇමෙරිකාව, ඉරානය, පාකිස්ථානය සහ කටාර් යන රටවල සහභාගීත්වයෙන් මෙම එකඟතාවන්ට එළඹ තිබුණි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















