පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (20) රාත්‍රී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණියේය. 2025 – 2029 කාන්තා ලෝක කුසළාන ක්‍රිකට් ශූරතා තරගාවලියේ කොටසක් ලෙස ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින තරග තුනකින් සහ විස්සයි විස්ස තරග තුනකින් සමන්විත තරගාවලියකට සහභාගී වීම සඳහා ඔවුන් දිවයිනට පැමිණ ඇත.
මෙම තරගාවලිය යටතේ එක්දින තරග තුන එළඹෙන 23, 25 සහ 28 යන දිනවල හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය. මීට අමතරව, දෙරණ අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරග තුන ජූලි 31, අගෝස්තු 02 සහ අගෝස්තු 04 යන දිනවල දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව ඇති අතර, පාකිස්තාන කණ්ඩායම පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් ගුවන්තොටුපොළ වෙත ගොස් තිබුණි.
















