පලස්තීන කලාපයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම බිඳ වැටීමේ අද්දර පවතින බව පවසමින්, වෛද්‍ය ආධාර සැපයීම සඳහා වහාම ජාත්‍යන්තරයේ සහ ඉන්දියාවේ මැදිහත්වීම ඉල්ලා ඉන්දියාවේ පිහිටි පලස්තීන තානාපති කාර්යාලය හදිසි ආයාචනයක් නිකුත් කර තිබේ.
ඊශ්‍රායලය විසින් අඛණ්ඩව දියත් කරනු ලබන හමුදා ප්‍රහාර, වෛද්‍ය යටිතල පහසුකම් විනාශ කිරීම, මානුෂීය ආධාර සැපයීමට පනවා ඇති දැඩි සීමා කිරීම් සහ මූල්‍යමය වශයෙන් හුදකලා කිරීමේ පියවර හේතුවෙන් පලස්තීනයේ සෞඛ්‍ය පද්ධතිය දරුණු ලෙස බිඳ වැටී ඇති බව තානාපති කාර්යාලය පවසයි.
මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, “මෙය දහස් ගණනක් වූ අහිංසක ජීවිත බේරාගත යුතු මොහොතක්. ඉන්දියාව සහ ඉන්දීය ජනතාව මෙයට මැදිහත් නොවුණහොත් වෙන කවුද මැදිහත් වන්නේ? පලස්තීන ජනතාව මානව දයාව සහ පීඩිත ජනතාව වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් ඉන්දියාව සතු ඓතිහාසික කැපවීම දෙස බලාපොරොත්තු සහගතව බලා සිටිනවා” යනුවෙනි.
ගෝලීය සෞඛ්‍ය සහ ආපදා සහන සම්බන්ධයෙන් ඉන්දියාව දියත් කර ඇති ‘ආරෝග්‍යා මෛත්‍රී’ මානුෂීය වැඩසටහන යටතේ පලස්තීනයට වෛද්‍ය ආධාර ලබා දෙන ලෙස පලස්තීන තානාපති කාර්යාලය මෙහිදී ඉන්දියාවෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
















