අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරත්න හිමියන්ට එල්ල වී ඇති බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීමේ චෝදනාවට අදාළව ඉතා තීරණාත්මක විද්‍යාත්මක සාක්ෂියක් අනාවරණය වී තිබේ. ‘Mee Massoo TV’ යූ ටියුබ් නාලිකාව වාර්තා කරන පරිදි, අපරාධය සිදුවූ බව කියන ස්ථානයේ තිබී පොලිස් භාරයට ගත් පාපිස්සක තැවරී තිබූ ජෛව සාම්පල පරීක්ෂා කිරීමේදී, ඒවා හේමරත්න හිමියන්ගේ DNA රටාව සමඟ සැසඳෙන බව තහවුරු වී ඇත.
වින්දිත දැරිය මීට පෙර ප්‍රකාශ කර තිබුණේ තමන් අපයෝජනයට ලක් කිරීමෙන් පසු සැකකාර හිමියන් සිය ශුක්‍රාණු එම පාපිස්සෙන් පිස දැමූ බවයි. මෙම නව DNA වාර්තාව මගින් දැරියගේ එම ප්‍රකාශය විද්‍යාත්මකව සනාථ වී තිබේ. මීට අමතරව, ආවාස ගෙයි නාන කාමරයෙන් හමු වූ කාන්තා කෙස් ගස් වින්දිත දැරියගේ නොවන බව DNA පරීක්ෂණ මගින් තහවුරු වී ඇති අතර, නඩුව ලබන ජනවාරි මස 08 වනදා යළි කැඳවීමට නියමිතය.














