රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන සිටි, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු යැයි කියනු ලබන නිලංග සම්පත් සිල්වා හෙවත් **’පානදුර නිලංග’** නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.
එහිදී කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා, සැකකරු **සැප්තැම්බර් මස 03 වනදා දක්වා** රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.
















