පානදුර දකුණ පොලිස් ස්ථානයේ නිලධාරී කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී රිවෝල්වරයක්, පතරොම් තොගයක් සහ මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වැටලීම 2026 ජූනි 05 වන දින පානදුර දකුණ පොලිස් වසමේ කුරුප්පුමුල්ල ප්‍රදේශයේදී සිදුකර ඇත. සැකකරු සන්තකයේ තිබී විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වරයක්, 9mm වර්ගයේ ජීව පතරොම් 09ක්, ටී 56 වර්ගයේ ජීව පතරොම් 49ක්, අයිස් (ICE) මත්ද්‍රව්‍ය ග්‍රෑම් 04යි මිලිග්‍රෑම් 280ක් සහ මත්ද්‍රව්‍ය මැනීම සඳහා භාවිතා කරන විද්‍යුත් තරාදියක් පොලිසිය විසින් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු 39 හැවිරිදි කුරුප්පුමුල්ල, පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















