සමාජ මාධ්‍ය ඔස්සේ සීඝ්‍රයෙන් සංසරණය වූ වීඩියෝවක දැක්වෙන, පන්නිපිටිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල් සේවකයෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු මිගහවත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය ජූනි 03 වන දින පස්වරුවේ මිගහවත්ත පොලිස් වසමේ පන්නිපිටිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකදී මෙම පහරදීම සිදුවිය. අත්අඩංගුවට ගත් සැකකරු කෝට්ටේ, මාදිවෙල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අදාළ සැකකරු QR කේතය (QR code) නොමැතිව ඉන්ධන ලබා ගැනීමට උත්සාහ කිරීමේදී ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බවයි. කෙසේ වෙතත්, පහරදීමට ලක්වූ සේවකයා විසින් මෙම ගැටලුව සුහදව විසඳා ගැනීමට කැමැත්ත පළ කර ඇති අතර, තමන් වැඩිදුර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු නොවන බව පොලිසියට දැනුම් දී තිබේ. ඒ අනුව, පොලිසිය විසින් සැකකරුට දැඩි ලෙස අවවාද කර සිද්ධිය සමථයකට පත් කර ඇත.
















