ලෝක සාමය උදෙසා රට පුරා පාගමනක යෙදී සිටින පඤ්ඤාකර හිමියන් සහ එම සාම නියෝජිත පිරිස සිය පාගමනේ තෙවැනි අදියර මහනුවරින් අවසන් කරමින්, අද (අප්‍රේල් 23) මල්වතු සහ අස්ගිරි මහා විහාරයන් වෙත ගොස් මහානාහිමිවරුන් සහ කාරක සංඝ සභාව ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබා ගත්හ.
මෙම සාම පාගමනේ සිව්වැනි අදියර හෙට (අප්‍රේල් 24) පෙරවරු 7.00ට මහනුවරින් ආරම්භ වී මාවනැල්ල දක්වා ගමන් කිරීමට නියමිතය. ලෝක සාමය පතමින් රටේ විවිධ ප්‍රදේශ හරහා ගමන් කරන මෙම නියෝජිත පිරිස සඳහා බෞද්ධ ජනතාව ඇතුළු විවිධ පාර්ශවයන්ගේ ආශිර්වාදය හිමිවෙමින් පවතී.














