පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින් ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලකට අදාළ විමර්ශන සඳහා පාර්ලිමේන්තු නිලධාරීන් පිරිසක් අද (03) අල්ලස් කොමිසම වෙත පැමිණ තිබේ.
අදාළ පැමිණිල්ලට අදාළ විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය වන වැදගත් ලිපි ලේඛන සහ වාර්තා රැගෙන මෙම නිලධාරීන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ ඇති බව වාර්තා වේ.














