හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම සහ ඔහු සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ගවලට විරෝධය පළ කරමින් සිවිල් සංවිධාන කිහිපයක් අද (09) පාර්ලිමේන්තුව ආසන්නයේ විරෝධතාවයක නිරත විය.
පාර්ලිමේන්තු වටරවුම අසල පැවති මෙම විරෝධතාවය අතරතුර සුළු නොසන්සුන්කාරී තත්ත්වයක් ද ඇති විය. විරෝධතාකරුවන් එහිදී චෝදනා කර සිටියේ පාර්ලිමේන්තුව තුළ කොටි සැමරුම් පැවැත්වෙන බවත්, ඒ සම්බන්ධයෙන් බලධාරීන් මෙතෙක් නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බවත්ය.
මෙම විරෝධතාවය හේතුවෙන් ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ද පැවති අතර, ආරක්ෂක අංශ විසින් එම ස්ථානයේ තත්ත්වය පාලනය කිරීමට පියවර ගනු ලැබීය.
















