• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

20 වැනි සංශෝධනය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය 21 සහ 22 වනදා

17 October 2020
in දේශීය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වන 20 වැනි සංශෝධනය ලබන ඔක්තෝබර් 21 සහ 22 යන දිනවලදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ (16) තීරණය කර ඇති බව කථානායක මාධ්‍ය අංශය පවසයි.

මේ අතර 20 වැනි සංශෝධනයට අදාළව ශ්‍රේෂඨාධිකරණයේ තීන්දුව ලබන ඔක්තෝබර් 20 වැනිදා කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබනු ඇත.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ඔක්තෝබර් 21 සහ 22 යන දිනවලදී පෙරවරු 10 සිට රාත්‍රී 7.30 දක්වා පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට තීරණය වී තිබේ. ඔක්තෝබර් 22 වැනිදා රාත්‍රී 7.30 ට විවාදය අවසන් වීමෙන් පසු කාරකසභා අවස්ථාව ආරම්භ කිරීමට නියමිතය.

එම දින 02 තුළදී පාර්ලිමේන්තුව ආරම්භයේදී පැවැත්වෙන වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන ප්‍රශ්න සභා ගර්භය තුළදී ඉදිරිපත් නොකෙරෙන අතර දිවා විවේකය සඳහා පාර්ලිමේන්තුව අත්හිටුවීමක්ද සිදු නොවනු ඇත.

මේ අතර ඔක්තෝබර් 20 වැනිදා පෙරවරු 10.00 සිට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ වන නියෝග 03ක් විවාදයට ගැනීමටත් කාරක සභාව තීරණය කළේය. එදින සවස 4.30 සිට පස්වරු 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනෙනු ඇත.

එමෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ආර්. ආර්.ඩබ්ලිව්.රාජපක්ෂ හා අභාවප්‍රාප්ත කේ. පී. සිල්වා යන මන්ත්‍රීවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනි අභාවප්‍රාප්ත සුරංගනී එල්ලාවල මහත්මිගේ ශෝක ප්‍රකාශ යෝජනා ලබන 23 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතයි.

එම රැස්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන, නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය, සභානායක දිනේෂ ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, මහචාර්ය ජී.ඇල් පීරිස්, ඩග්ලස් දේවානන්ද, ඩලස් අලහප්පෙරුම, මහින්ද අමරවීර, වාසුදේව නානායක්කාර, ප්‍රසන්න රණතුංග, අලි සබ්රි සහ මන්ත්‍රිවරුන් වන මහින්ද සමරසිංහ, ගයන්ත කරුණාතිලක, රවුෆ් හකීම්, අනුර කුමාර දිසානායක, ඩිලාන් පෙරේරා, රංජිත් මද්දුමබණ්ඩාර, සහ මනෝ ගනේෂන් යන මහත්වරු සහභාගී වූහ. ඔවුනට අමතරව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක සහ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවල යන මහත්වරුද ඊට සහභාගී වූහ.

 

Post Views: 7
Previous Post

විදේශගතවුවන්ට ඡන්ද අයිතිය සම්බන්ධයෙන් අගමැති විසින් තේරීම් කාරක සභාවක් යෝජනා කරයි

Next Post

මිනුවන්ගොඩ කොරෝනා පොකුර 2014 දක්වා ඉහලට

editor

editor

Next Post

මිනුවන්ගොඩ කොරෝනා පොකුර 2014 දක්වා ඉහලට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved