පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණවලදී කාන්තා නියෝජනය අවම වශයෙන් 33% ක් දක්වා ඉහළ නැංවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පවසයි. පළාත් සභා මැතිවරණය පවත්වන ආකාරය සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී ඔවුන් මේ බව අවධාරණය කළහ.අමාත්‍ය විජිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස් විය. අදාළ මැතිවරණ ක්‍රමවේදය සකස් කිරීමේදී කාන්තා සහ තරුණ නියෝජනය තහවුරු කිරීමේදී මතුවිය හැකි නීතිමය හා ප්‍රායෝගික ගැටලු පිළිබඳව එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර, ඉදිරි රැස්වීමකදී මේ පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කර තීරණ ගැනීමට නියමිතය.
















