පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව වත්මන් දේශපාලන සහ සමාජ කරළියේ ඇති වී තිබෙන සංවාදයන් තුළ, සිරිල් ගාමිණී පියතුමා මාධ්‍ය වෙත දැක්වූ අදහස් සහ සුරේෂ් සලේ මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් විසින් ප්‍රශ්න කිරීමක් සිදුකර තිබේ.
උන් වහන්සේ සිය ෆේස්බුක් ගිණුමේ පළකර තිබූ සම්පුර්ණ සටහන මෙසේය.
————————————————————————–
අද සිරිල් ගාමිණී පියතුමා මාධ්‍ය වෙත අදහස් දක්වමින්, බෝම්බ ප්‍රහාරය එල්ල වූ පාස්කු ඉරිදා දේවමෙහෙයට කාදිනල්තුමා සහභාගී නොවීමට බලපෑ විවිධ හේතු කියමින් එය සාධාරණීකරණය කරන අතරතුර, ඒ අතරින් එක්තරා වැදගත් කරුණක්ද ප්‍රකාශ කළේය. එනම්, පාස්කු උත්සවයේ ප්‍රධානතම දේවමෙහෙය පැවැත්වෙන්නේ සෙනසුරාදා මධ්‍යම රාත්‍රියේ බැවින් සහ ඉරිදා උදෑසන පැවැත්වෙන දේවමෙහෙය එතරම් ප්‍රධාන නොවන බැවින්, කාදිනල්තුමා සෙනසුරාදා මධ්‍යම රාත්‍රී දේවමෙහෙයට සහභාගී වූ බව කියා සිටියි.
දැන් සුරේෂ් සලේ වෙත එල්ල වී ඇති ප්‍රධාන චෝදනාවක් වන්නේ, ප්‍රහාරයට සති තුනකට පෙර ‘පෙත්තා’ නැමති යුද හමුදා බුද්ධි අංශ තොරතුරු කරුවෙකු මාර්ගයෙන් යුද හමුදා කඳවුරකින් විශේෂ GPS උපකරණයක් ලබාගෙන, සලේගේ නියෝගය පරිදි සහරාන්ගේ කණ්ඩායමේ මුස්ලිම්වරුන් සිව්දෙනෙකුට මීගමුව ප්‍රදේශයේ කතෝලික පල්ලි පිහිටා ඇත්තේ කොහේද සහ පාස්කු දේවමෙහෙයන් සඳහා පැමිණෙන ජනගහනය කොපමණද වැනි විස්තර ලබා දුන් බවයි.
නවීන යුද හමුදා GPS උපකරණ, බුද්ධි තොරතුරු සහ දත්ත සමඟ මෙම ප්‍රහාරය සහරාන්ට සංවිධානය කර දුන්නේ නම්,
වැඩිම පිරිසක් සහභාගී වන ප්‍රධාන පාස්කු දේවමෙහෙය පැවැත්වෙන්නේ සෙනසුරාදා මධ්‍යම රාත්‍රියේ බව නොදැන සිටියේ කෙසේද?
සලේගේ පියා මුස්ලිම් වුවද, ඔහුගේ මව කතෝලික කාන්තාවකි. එසේ නම්, සලේ මෙය සංවිධානය කළේ නම් ප්‍රධාන දේවමෙහෙය කුමක්ද යන්න සලේට නොදැන සිටීමට හැකිද?
සත්‍යම මග වේවා.
මම
ගලගොඩඅත්තේ ඤාණසාර හිමි
2026/6 / 17
















