• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

13 ගැන පාඨලිලේ පක්ෂය මතය ජනපතිට

14 August 2023
in දේශීය

13 වන සංශෝධනය බලාත්මක කිරීම සම්බන්ධයෙන් රජය අදහස් කරන්නේ කුමක්දැයි සවිස්තරාත්මකව අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී, එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය බලාත්මක කිරීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල මතය විමසමින් ජනාධිපති කාර්යාලය විසින් එවන ලද ලිපියට පිළිතුරු වශයෙන් එක්සත් ජනරජ පෙරමුණේ මතය දන්වමින් යවන ලද ලිපිය පහතින් දැක්වේ.

ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා,
ජනාධිපති කාර්යලය,
කොළඹ 01.
ගරු ජනාධිපති තුමනි,

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය බලාත්මක කිරීම
———–
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය බලාත්මක කිරීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ වල මතය විමසමින් අප පක්ෂය වන එක්සත් පෙරමුණට ද ඒ සම්බන්ධ මතය ලිඛිතව දන්වා එවන ලෙස ජනාධිපති කාර්යාලය විසින් අප වෙත දැනුම් දී ඇත. ඒ අනුව, අප පක්ෂය මේ සම්බන්ධයෙන් දරන අදහස ඔබතුමන් වෙත ඉදිරිපත් කර සිටීමට කැමැත්තෙමු.

13 වන සංශෝධනය බලාත්මක කිරීම සිදුවිය යුත්තේ රටේ ජනවාර්ගික සුළු ජනකොටස් ඇතුලු සියලුම ප්‍රජාවන් රාජ්‍ය බලයට සාධාරණව හා සාධනීයව හවුල් කර ගැනීමේ බහුවිධ ප්‍රජාතන්ත්‍රවාදී විධි ක්‍රම අනුගමනය කිරීම, රට මේ වන විට වැටි ඇති ආර්ථික ආගාධයෙන් මුදාගැනීම, ධනෝපායන හැකියාවෙන් යුතු රාජ්‍යයක් ලෙස රටේ ආර්ථිකය හා සම්පත් නැවත ප්‍රතිසංවිධානය කිරීම,හා විශ්ව සාධාරණ තිරසර සංවර්ධනය ප්‍රතිපත්ති අනුගමනය කරන රාජ්‍යයක් ලෙස ක්‍රියා කිරීම යන මුුලිකාංග ඇතුළත් සන්දර්භයක් මත පිහිටා සිටිමින්ය.

ඒ අනුව 13 වන සංශෝධනය බලාත්මක කිරීම සම්බන්ධයෙන් පුර්ව කොන්දේසියක් හා හදිසි කටයුත්තක් වන්නේ වසර ගණනාවක් තිස්සේ මහජන නියෝජිතයන්ගෙන් තොරව ක්‍රියාත්මක වන පලාත් සභාවලට තම නියෝජිතයන් පත් කර ගැනීම සඳහා ජනතාවට අවස්ථාව සලසා දෙනු වස් පලාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමය. ඒ සඳහා දැනට මතුවී තිබෙන නීතිමය බාධක පාර්ලිමේන්තුවට ඉතා පහසුවෙන් විසඳා ගත හැකි බව අපි විශ්වාස කරමු.

පලාත් සභා වලට වෙන් කර තිබෙන විෂයයන් සම්බන්ධයෙන් අදාළ වන ඉඩම් බලතල ජාතික භෞතික සැළැස්මට අනුකූලව පලාත් සභාවලට බාධාවකින් තොරව ලබා දිය යුතුය. ඒ අතර සමගාමී ලැයිස්තුවේ සහ මධ්‍යම ආණ්ඩුවේ කටයුතු වලට අදාල ඉඩම් බලතල පිළිබද පලාත් සභා සහ මධ්‍යම ආණ්ඩුව අතර ඇතිවිය හැකි ගැටලු නිරාකරණය කරගැනීම සඳා විධිමත් නිල යාන්ත්‍රණයක් පිහිටුවීම සුදුසුය.

එසේම පලාත් වලට ඉඩම් බලතල දීම පිළිබඳ පසුගිය ශත වර්ෂයේදී දේශපාලන කථිකාව විසින් මතු කරනු ලැබූ කරුණු ඉක්මවා ගිය නව පාරිසරික හා භෞතික සංවර්ධන සැලසුම් පිළිබඳ සාධක පැන නැගී ඇති බැවින් ඉඩම් බලතල බෙදීම සම්බන්ධයෙන් මෙතෙක් අනුගමනය කරන නිර්නායක අලුතින් මතු වී ඇති සාධක ද සැළකිල්ලට ගනිමින් පුනරීක්ෂණයට ලක් කළ යුතු බව අපි අදහස් කරමු.

පොලිස් බලතල සම්බන්ධයෙන් අප පක්ෂය දරණ අදහස වන්නේ පලාත් සභාවල හෝ මධ්‍යම ආණ්ඩුවේ පොලිස් බලතල පිළබඳ වගකීම දේශපාලන අධිකාරියක් යටතට පත් කිරීම අනර්ථකාරී ප්‍රතිඵල මතුකරන බවය. අපගේ යෝජනාව වන්නේ පලාත් මධ්‍යම ආණ්ඩු භේදයකින් තොරවම සමස්ත පොලීස් සේවාවම ස්වාධීන පොලිස් කොමිසමකින් මෙහෙය ව්ය යුුතු බවය. පොලීසිය ජනවාර්ගික අගතීන්ගෙන් තොරව ක්‍රියාත්මක වන මහජන සේවාවක් බවට පත්කිරීමේ වගකීම එවැනි ස්වාධීන කොමිසමකට කළ හැකි කටයුත්තකි.

13 වන සංශෝධනය බලාත්මක කිරීම යනුවෙන් රජය අදහස් කරන්නේ දැනට නීතියේ පවතින බලය බෙදීමේ ව්‍යුහය ඉක්මවා යන නව ව්‍යුහයක් තනා ගැනීම නම් එවැන්නක් සඳහා පාර්ලිමේන්තුවේ 2/3 කැමැත්තට අමතරව සමහර විට ජනමත විචාරණයක් පවත්වා සෘජු මහජන අනුමැතිය ද අවශ්‍ය විය හැකි බැවින් රජය ඇත්ත වශයෙන්ම අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේය.

එවැනි නව ව්‍යුහයක් පිළිබඳ අප පක්ෂයේ අදහස ඉදිරිපත් කළ හැක්කේ රජයේ යෝජනාව පිළිබඳ පැහැදිලි භාවයක් සහිත විස්තරාත්මක යෝජනාවක් ඉදිරිපත් කරන වාතාවරණයකදී ය.

මේ වැදගත් කරුණ සම්බන්ධයෙන් අප පක්ෂයේ මතය විමසා සිටීම සම්බන්ධයෙන් අපගේ ගෞරවනීය ස්තුතිය ඔබතුමන් වෙත පිරි නමමු.

ස්තූතියි,
පාඨලී චම්පික රණවක
පාර්ලිමේන්තු මන්ත්‍රී
නායක – එක්සත් ජනරජ පෙරමුණ

Post Views: 5
Previous Post

පිරමීඩ් යනු ව්‍යාපාරයක් නොව ජාවාරමක් – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

Next Post

DFCC බැංකුව Green Climate Fund සහතිකකරණය හිමිකරගත් ප්‍රථම ශ්‍රී ලාංකික ආයතනය බවට පත්වෙයි

editor

editor

Next Post

DFCC බැංකුව Green Climate Fund සහතිකකරණය හිමිකරගත් ප්‍රථම ශ්‍රී ලාංකික ආයතනය බවට පත්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved