කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍යවරියකගේ පපු ප්‍රදේශය ස්පර්ශ කර ලිංගික අතවර කළ බව කියන රෝගියෙකු දකුණු කළුතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මතුගම පිඹුර රෝහලේ සිට වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට මාරු කර එවා සිටි මෙම සැකකරු, වෛද්‍යවරිය ඔහුගේ රුධිර පීඩනය (පෙෂර්) පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී මෙලෙස අතවර කර ඇති බව වාර්තා වේ.
පළමු අවස්ථාවේදී අතවර කිරීමට උත්සාහ කළ විට ඒ පිළිබඳව පොලිසියට පවසන බවට වෛද්‍යවරිය අනතුරු අඟවා ඇතත්, නැවත රුධිර පීඩනය පරීක්ෂා කිරීමට යාමේදී සැකකරු දෙවන වරටත් ඇයට අතවර කළ බව පොලිස් පැමිණිල්ලේ සඳහන් වේ. අත්අඩංගුවට ගත් මහගම සමගිපුර ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු, දැනට පොලිස් ආරක්ෂාව යටතේ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන අතර දකුණු කළුතර පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.














