• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නාවිකයන් සමඟ ගැටුණු සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ PCR පරීක්ෂණ බලපෑම් මත නවතලා

28 April 2020
in දේශීය

වැලිසර නාවික හමුදා සෙබළුන් විසින් අළුත් වැඩියා සිදුකළ මිනුවන්ගොඩ මූලික රෝහලේ සෞඛ්‍ය කාර්යය මණ්ඩලය ට අදාළව සිදුකිරීමට සැලසුම් කළ PCR පරීක්ෂණ යම් බලපෑමක් මත නවතා දමා ඇති බව සමස්ත ලංකා හෙද සංගමය චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් එම සංගමයේ ප්‍රධාන ලේකම් එස්. බී. මැදිවත්ත මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේ දැක්වේ.

කොවිඩ්- 19 #Covid- 19 රෝගීන්ට ප‍්‍රතිකාර ලබාදෙන රෝහලක් බවට පත් කර තිබෙන මිනුවන්ගොඩ මූලික රෝහලේ අත්‍යාවශ්‍ය අළුත්වැඩියා කටයුතුවල නිරත වෙමින් සිටි නාවික හමුදා නිලධාරීන් පිරිසක් කොවිඩ්- 19 #Covid- 19 වෛරසයේ ආසාදිතයන් ලෙස හදුනාගෙන තිබේ.

හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් රෝහල තුල ඔවුන්ගේ දෛනික රාජකාරී කිරීමේදී මෙම නාවික හමුදා නිලධාරීන් සමග සමීපව කටයුතු කර තිබේ. එනිසා තමන්ටද වෛරසය අසාදනය වී ඇති බවට වූ දැඩි භීතියක් කාර්ය මණ්ඩලය අතර පැතිර ගොස් ඇත.

ඒ අනුව ප‍්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් ආසාදිතයන් සමග ගැටුනු පිරිස් හදුනාගෙන ඔවුන් විද්‍යානුකූල ක‍්‍රමවේදයකට අනුව වර්ගීකරණය කර ඇත.

එහිදී අවදානම් කාණ්ඩයට අයත් බවට හදුනාගත් පිරිසට PCR පරීක්ෂණ සිදුකිරීමට කටයුතු සූදානම් කර ඇත. පසුව කිසියම් බලපෑමක් මත එම PCR පරීක්ෂණ සිදුකිරීම නවතා දමා ඇත. නමුත් රෝහල් කාර්ය මණ්ඩලයේ දැඩි ඉල්ලීම මත අද දින (2020. 04. 27) රෝහලේ වෛද්‍ය අධිකාරීවරයාගේ සහ තවත් රෝහල් සේවකයින් කපී දෙනෙකුගේ පමණක් PCR පරීක්ෂණ සිදු කර ඇත. මේ පිළිබඳව  කිසිසේතම සෑහීමකට පත් විය නොහැකි බව ඔවුන් පවසා සිටී.

තම ජීවිත අවධානම පවා නොතකා රාජකාරියේ නිරතවී සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිවයුතු සෞඛ්‍ය බලධාරීන් දක්වා ඇති අඩු සැලකිල්ල පිළිබදව අපගේ බලවත් අප‍්‍රසාදය පලකරමු. කෙසේ වූවද හෙද හෙදියන්ගේ ආරක්ෂාව සම්බන්ධව මැදිහත්වීමට වෘත්තීය සමිතියක් ලෙස අපටද වගකීමක් ඇති බව අවධාරණය කරමු.

එබැවින් ඉහත සිදුවීම නිසා තම සෞඛ්‍ය තත්වය පිළිබද අවිනිශ්චිත තත්වයකට මුහුණ පා ඇති හෙද හෙදියන් ඇතුළු මිනුවන්ගොඩ මූලික රෝහලේ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව වෙනුවෙන් සිදු කල යුතු PCR පරීක්ෂණ ප‍්‍රමාදයකින් තොරව සිදුකර ඔවුන්ට නිදහස් මනසකින් සේවය කිරීමට අවශ්‍ය පරිසරය රෝහල තුල ඇති කරන ලෙස කාරුණිකව ඉල්ලමු.

ස්තුතියි.

මෙයට,
හෙද නිලධාරී එස්. බී. මැදිවත්ත
ප‍්‍රධාන ලේකම්
සමස්ත ලංකා හෙද සංගමය.

Post Views: 8
Previous Post

කිසියම් තැනක වරදක් වුණානම් එය හඳුනාගැනීම අවශ්‍ය බව ජනපති කියයි

Next Post

මැතිවරණ ප්‍රචාරණය කටයුතු වෙනස් කරන බව ජනපති කියයි

editor

editor

Next Post

මැතිවරණ ප්‍රචාරණය කටයුතු වෙනස් කරන බව ජනපති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved