සාම පාද යාත්‍රාවේ අද දින ගමන් මඟ තෝලංගමුව ජාතික පාසල අසලින් ආරම්භ වීමට නියමිතය. එතැන් සිට ගමන් ආරම්භ කරන පාගමන අද දින නිමාවට පත්වන්නේ යක්කල, අබේසේකරාරාමය වෙත ළඟා වීමෙනි.
සාමය, සහජීවනය සහ අධ්‍යාත්මික සුවය ප්‍රාර්ථනා කරමින් පවත්වනු ලබන මෙම උදාර පින්කමේ නිල මාධ්‍ය නමස්කාරය සහ අනුග්‍රාහක දායකත්වය සිරස මාධ්‍ය ජාලය විසින් සපයනු ලබයි. ප්‍රදේශවාසීන්ට සහ බැතිමතුන්ට මෙම උතුම් ගමන සඳහා එක්වීමට හෝ මඟ දෙපස සිට ආශිර්වාද කිරීමට අවස්ථාව පවතී.













