අයිස් මත්ද්රව්ය කිලෝග්රෑම් 1යි ග්රෑම් 506ක තොගයක් සමඟ සැකකරුවෙකු පෑලියගොඩ ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (20) රාත්රියේ පෑලියගොඩ පොලිස් වසමේ දුටුගැමුණු මාවත ප්රදේශයේදී කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 48ක් වන පෑලියගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















