• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පැල්වත්ත කිරිවල ගුණාත්මක භාවය ඉහළ නැංවීම සඳහා පුර්ණ ශීත සැපයුම් දාමයක් ක්‍රියාත්මක කරයි

3 September 2021
in ව්‍යාපාර

කිරි නිෂ්පාදන රාශියක් මෙරට වෙළඳපොළට හඳුන්වා දෙමින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටට ඉතිරි කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත සමාගම ඉහළ යන වෙළද ඉල්ලුමට සරිලන සේ ඉහළම ගුණාත්මක බවින් යුතු කිරි සුරක්ෂිත කිරීම සඳහා වන නව තාක්‍ෂණ ක්‍රමවේදයන් දියත් කිරීම සඳහා සැලකිය යුතු ආයෝජනයක් සිදු කර ඇත.

නිදසුනක් වශයෙන්, 2020/2121 වර්ෂයෙහි හි තුන්වන ඉහළම අලෙවිය සහිත පැල්වත්ත යෝගට් නිෂ්පාදනය 49%ක වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කරන අතර පැල්වත්ත යෝගට් ග්‍රෑම් 80 ක කෝප්පයක් මගින් 80kcal ශක්තිය ලබා දෙන නමුත් එහි අඩංගු වන්නේ ග්‍රෑම් 3%-2.4 ක අවම මේද ප්‍රමාණයකි. මෙහිදී පැල්වත්ත ප්‍රධානම නිෂ්පාදන දෙක වන යෝගට් සහ පැල්වත්ත සම්පූර්ණ යොදය සහිත කිරිපිටි මෙන්ම අනෙකුත් පැල්වත්ත කිරි නිෂ්පාදන වල භාවිත කරන කිරිවල, සංඝටක ප්‍රමාණය නිරීක්ෂණය කළ හැකි ජාත්‍යන්තර මට්ටමේ ඉලෙක්ට්‍රෝනික කිරි ප්‍රමාණය සොයා ගැනීමේ ක්‍රමයක් ද හඳුන්වා දීමේ වැඩ පිළිවෙල ආරම්භ කර ඇත.

මෙම ක්‍රියාවලිය හඳුන්වාදීමේ එක් පියවරක් ලෙස පැල්වත්ත කිරි කර්මාන්ත ශාලාවේ ශීත කිරි සැපයුම් දාමය ශක්තිමත් කර ඇති අතර එහි ශීත සැපයුම් දාමය සහ තාප සංරක්ෂණ පද්ධති පිළිබඳ අධ්‍යයනය කිරීම සහ විශ්ලේෂණය කිරීම ආරම්භ කර ඇත. කිරි බවුසර් වල උෂ්ණත්ව ආරක්ෂණ හැකියාවන්, MCC සිසිලන උෂ්ණත්ව නඩත්තු කිරීම සහ නියමිත වේලාවට මාරුවීම හුරු කර ගැනීම වර්තමාන අධ්‍යයනයේදී විමර්ශනය කරන ලද තීරණාත්මක කරුණු වේ. මෙමගින් කිරි ගොවියාගේ සිට කිරි සිසිලන මධ්‍යස්ථානය දක්වා ප්‍රවාහනය කිරීමේදී හා ගබඩා කිරීමේදී කිරි උෂ්ණත්ව නඩත්තුව හා කාර්යක්ෂමතාව තවදුරටත් වැඩිදියුණු කරනු ඇතැයි පැල්වත්ත අපේක්ෂා කරයි. එහිදී කිරි සැකසීමට සහ නිෂ්පාදන අවසරය ලබා දීමට පෙර QA විද්‍යාගාරය හරහා කිරි වල ගුණාත්මකභාවය පිළිබඳව කෙරෙන අධ්‍යයනයේ තීරණාත්මක දත්ත ප්‍රධාන යෙදවුම් බවට පත්වනු ඇත.

පැල්වත්ත යෝගට් වැනි නිෂ්පාදන වල ගුණාත්මකභාවය සහ ආරක්‍ෂාව වඩාත් තීව්‍ර වි ඇති බව පැල්වත්ත සමාගම විශ්වාස කරයි.

පැල්වත්ත කිරි සමාගමේ කළමණාකාර අධ්‍යක්‍ෂ අක්මාල් වික්‍රමනායක මහතා මේ පිළිබඳ මෙසේ පැවසීය.“කිරි ඉතා ඉක්මණින් නරක්වීමට භාජනය වන අතර නිස්සාරණය කිරීමෙන් පසු ඉතා කෙටි කාලයක් තුළ එය පරිභෝජනය හෝ සැකසීම කල යුතු වනවා . යෝගට් නිපදවීමට අවශ්‍ය නැවුම් කිරි එකතු කිරීම, ප්‍රවාහනය සහ සැකසීම නිෂ්පාදන චක්‍රයේ සෑම අදියරකදීම විද්‍යාත්මකව හා ක්‍රමානුකූලව සිදු කරන බවට පැල්වත්ත අප සහතික වනවා. අමු කිරි ශීත දාමය ගොවියාගේ සිට කර්මාන්තශාලාව දක්වා පවත්වා ගැනීම සඳහා සැපයුම් දාම තාක්ෂණයන් ඒකාබද්ධ කිරීම කිරි එකතු කරන්නකු දිනපතා මුහුණ දෙන එක් අභියෝගයක්. මේ කෙසේ වෙතත් කිරි ගොවීන්ගෙන් එකතු කර ගන්නා කිරි විනාඩි කිහිපයක් තුල අධික වේගයෙන් සිසිලනය කර ගනිමින් තිරසාර ලෙස සිසිලන ක්‍රියාවලිය පවත්වාගෙන යාමට දේශීය කිරි කර්මාන්තයේ ප්‍රමුඛයා ලෙස පැල්වත්ත කිරි සමාගම සාර්ථක වී ති‌බෙනවා. එය අවසාන නිෂ්පාදනයේ උසස් තත්ත්වය සඳහා ඉතා වැදගත් වනවා. විශේෂයෙන්ම ප්‍රවාහනය කිරීම හෝ ගබඩා කිරීමේදී අමු කිරි වල ගුණාත්මක භාවය පිරිහී ඇති නම් එම සම්පූර්ණ කිරි තොගයම පැල්වත්ත සැකසුම් කම්හලේදී වහාම ප්‍රතික්ෂේප කෙරෙනවා”

මෙහිදී පැල්වත්ත සමාගමේ සියලුම නිෂ්පාදන වල ගුණාත්මක භාවයට නිතිපතා සිදු කෙරෙන කිරි ප්‍රවාහන බවුසර් රියදුරන්ගේ ශීත දාම නඩත්තු කිරීම, තාප කළමනාකරණ ක්‍රියාවලියන් භාවිතා කිරීම, නිතිපතා MCC සිසිලන යන්ත්‍ර නඩත්තු කිරීම සහ පසු විපරම් මෙන්ම කර්මාන්තශාලාවට ගෙනෙන කිරි සඳහා කෙරෙන දැඩි පරීක්‍ෂණ පදනම බවට පත්වී තිබේ.

 

 

 

 

පිටපත – PR

Post Views: 17
Previous Post

අමානා වෙතින් අධි මිලැති වාහන සඳහා සුවිශේෂී රක්ෂණ ආවරණයක්

Next Post

රෝහල් වල ගොඩගැසී ඇති මෘත ශරීර කඩිනමින් නිදහස් කරන්න – ඇමැති කෙහෙලිය

editor

editor

Next Post

රෝහල් වල ගොඩගැසී ඇති මෘත ශරීර කඩිනමින් නිදහස් කරන්න - ඇමැති කෙහෙලිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved