ඇමෙරිකානු ආරක්ෂක අමාත්‍යාංශය (Pentagon) විසින් තම මිසයිල නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම සඳහා ජෙනරල් ඩයිනමික්ස් (GD-OTS) සහ ලොක්හීඩ් මාටින් (Lockheed Martin) යන ප්‍රමුඛ ආරක්ෂක ක්ෂේත්‍රයේ සමාගම් සමඟ වසර හතක (07) කාලීන දීර්ඝකාලීන ගිවිසුම්වලට එළඹ තිබේ.
ලෝක මට්ටමින් වර්ධනය වන ආරක්ෂක තර්ජන හමුවේ, ඇමෙරිකාවේ ප්‍රධානතම ගුවන් ආරක්ෂක පද්ධති වන ‘තාඩ්’ (THAAD) සහ ‘පේට්‍රියට්’ (PAC-3 MSE) මිසයිල පද්ධති සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය කොටස් නිෂ්පාදනය වේගවත් කිරීම සහ සැපයුම් කාලය කෙටි කිරීම මෙම ගිවිසුම්වල ප්‍රධාන අරමුණ වී ඇත. මෙමගින් ඉදිරි වසර කිහිපය තුළ ඇමෙරිකානු සහ මිත්‍ර රටවල මිසයිල සංචිත සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට පෙන්ටගනය අපේක්ෂා කරයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














