• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පීපල්ස් ලීසිං සමාගම දෙවැනි කාර්තුවේදී විශිෂ්ට මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි

21 November 2023
in ව්‍යාපාර

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් PLC සමාගම අභියෝගවලට ඔරොත්තු දීමට තමන් සතු හැකියාව සහ විශිෂ්ටත්ව උදෙසා වන කැපවීම යළිත් තහවුරු කරමින්, 2023/24 මූල්‍ය වර්ෂයේ දෙවැනි කාර්තුවේදී ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කිරීමට සමත් වී තිබේ.

අදාළ කාලසීමාව තුළ සමාගමේ මෙන්ම සමූහයේ බදු-පසු ලාභය පෙර වසරට සාපේක්ෂව සැලකිය යුතු මට්ටමකින් වර්ධනය වී ඇත.

2023/24 මූල්‍ය වර්ෂයේ පළමු මාස 6 තුළ PLC සමාගම රු. මිලියන 1,100 කට බදු-පසු ලාභයක් වාර්තා කර ඇති අතර, එය පසුගිය මූල්‍ය වර්ෂයේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 62.0% ක් වැනි ඉහළ වර්ධනයකි. දෙවැනි කාර්තුව තුළ PLC අත්කරගෙන ඇති ප්‍රගතිය විශේෂයෙන් කැපී පෙනෙන අතර, එහිදී 54.6% ක වර්ධනයක් සමගින් රු. මිලියන 767 ක බදු-පසු ලාභයක් වාර්තා කරගෙන තිබේ. මෙය 2023 සැප්තැම්බර් 30 දිනයෙන් අවසන් වූ කාලසීමාවේ ලාභදායීත්වයට සැලකිය යුතු මට්ටමේ දායකත්වයක් ලබා දී ඇත. මේ අතර PLC සමූහය 2023/24 මූල්‍ය වර්ෂයේ පළමු මාස 6 ක කාලය තුළ රු. මිලියන 1,678 ක බදු-පසු ලාභයක් වාර්තා කරගෙන ඇත. මෙය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 35.8% ක වර්ධනයකි. 2023 සැප්තැම්බර් 30 දිනයෙන් අවසන් වූ කාලසීමාව සඳහා සමූහයේ ශුද්ධ පොලී ආදායම 35.8% කින් වර්ධනය වී, රු. මිලියන 6,495 ක් ලෙස වාර්තා වී තිබේ.

2023 සැප්තැම්බර් 30 දිනයෙන් අවසන වූ ප්‍රථම අර්ධය සඳහා පොලී ආදායම 3.7% කින් වර්ධනය වී රු. මිලියන 14,714 ක් ලෙස වාර්තා වී ඇත. රටේ පොලී අනුපාත ඉහළ යාම හේතුවෙන් ආයෝජනවල සැලකිය යුතු වර්ධනයක් සිදු වීම මීට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ. ණය ආපසු අය කරගැනීමේ ක්‍රියාවලිය වැඩිදියුණු කරගැනීම සහ ණය ගුණාත්මකභාවය ඉහළ නංවාගැනීම තුළින් පසුගිය වසරට සාපේක්ෂව ලාභය සැලකිය යුතු මට්ටමින් වර්ධනය කරගැනීමට සමාගමට හැකි විය. මෙමගින් අක්‍රීය ණය ගාස්තු සහ අනෙකුත් ණය හා නැවත අය විය යුතු ගෙවීම් සම්බන්ධ අලාභයන් 91.3% කින් අඩු වී, 2023 සැප්තැම්බර් 30 වනවිට මිලියන 162 ක් ලෙස වාර්තා වී ඇත.

පසුගිය මූල්‍ය වර්ෂයේ අදාළ කාලසීමාවට සාපේක්ෂව මෙම මූල්‍ය වර්ෂයේ අදාළ කාර්තුව තුළ පොලී වියදම් 8.2% කින් පහළ යාම මගින් පෙනී යන්නේ, අරමුදල් මාර්ග විචක්ෂණශීලී ලෙස කළමනාකරණය කිරීම තුළින් මෑතකදී සිදු වූ ප්‍රතිපත්ති පොලී අනුපාතය සංශෝධනවලින් උපරිම ප්‍රයෝජන ලැබීමට PLC සමත් වී ඇති බවයි. මෙමගින් 2022/23 මූල්‍ය වර්ෂයේ දෙවැනි කාර්තුව තුළ වාර්තා කළ මට්ටමට සාපේක්ෂව 8.6% ක වර්ධනයක් පෙන්නුම් කරමින් රු. මිලියන 2,854 ක ශුද්ධ පොලී ආදායමක් වාර්තා කරගැනීමට PLC සමත් වී තිබේ.

උද්ධමනය සහිත මෙහෙයුම් වාතාවරණයක් තුළ පවා, 2022/23 මුල්‍ය වර්ෂයේ අදාළ කාලසීමාවට සාපේක්ෂව මෙහෙයුම් වියදම් ඉහළ යාම 3.8% කට සීමා කිරීමට PLC සමාගම හැකියාව ලැබිණි. ඩිජිටල් මුලපිරීම් හරහා කාර්යක්ෂමතාව වර්ධනය කරගැනීම, ශාඛාවල සිදුකරන ලද ප්‍රමාණාත්මක සංශෝධනයන් සහ අභ්‍යන්තර ක්‍රියාවලි වැඩිදියුණු කිරීම මීට හේතු වී ඇත. මීට අමතරව, මීට පෙර මූල්‍ය වර්ෂයේ අදාළ කාලසීමාවට සාපේක්ෂව සමූහයේ මෙහෙයුම් වියදම් 2.4% ක් වැනි සුළු මට්ටමකින් වර්ධනය වී තිබේ.

2023 සැප්තැම්බර් 30 දිනය වනවිට PLC හි සමස්ත වත්කම් පදනම රු. මිලියන 153,817 ක් වූ අතර, සමස්ත ණය සහ අයවිය යුතු ගෙවීම්වල වටිනාකම රු. මිලියන 100,833 ක් විය. ඒ අනුව, රටේ පවතින අර්බුදකාරී ආර්ථික පරිසරය තුළ ව්‍යාපාර කටයුතු පුළුල් කිරීමේ හැකියාව සීමිත වුවද, ක්ෂේත්‍රයේ විශාලතම ණය දෙන්නෙකු වශයෙන් තම ස්ථානය තවදුරටත් තහවුරු කරගැනීමට PLC සමත් වී තිබේ. PLC සමූහයේ සමස්ත වත්කම් පදනම, 2023 සැප්තැම්බර් 30 දින වනවිට රු. මිලියන 179,758 ක් වූ අතර, සමූහයේ සමස්ත ණය සහ අයවිය යුතු ගෙවීම්වල වටිනාකම රු. මිලියන 113,512 ක් විය.

අය විය යුතු ගෙවීම් එකතු කිරීම සම්බන්ධයෙන් දරන ලද උත්සාහයන් නිසා, අරමුදල් සැපයීම් අතරින් බහුතරයක් එම එකතු කිරීම් හරහා සපුරාලීමට PLC සමත් වූ අතර, ඒ ඔස්සේ ඉහළ පොලියක් සහිත වාතාවරණයක් තුළ ක්‍රමයෙන් වර්ධනය වන තැන්පතු පදනම පිළිබඳව නිසි අවධානයෙන් පසු වීමට සමාගමට හැකියාව ලැබිණි. කෙසේ නමුත් 2023 සැප්තැම්බර් 30 දින වන විටත් සමාගමේ තැන්පතු පදනම රු. මිලියන 93,197 ක් වැනි ශක්තිමත් මට්ටමක පැවතිණි. එමෙන්ම සමූහයේ තැන්පතු පදනම 2023 සැප්තැම්බර් 30 දින වනවිට රු. මිලියන 101,101 ක් විය. තවද, බෙහෙවින් වෙනස්වනසුලු සහ සංකීර්ණ ව්‍යාපාරික ප්‍රයත්නයක් මධ්‍යයේ ද්‍රවශීලතා කළමනාකරණය සඳහා ඉතා විධිමත් ක්‍රමෝපායක් ක්‍රියාවට නැංවීමට PLC පියවර ගත් අතර, දෙවැනි කාර්තුව අවසාන වන විට මූල්‍ය ස්ථාවරත්වය සහතික කිරීම සඳහා අදාළ ව්‍යවස්ථාපිත අවම මට්ටම්වලට වඩා පැහැදිලි ලෙසම ඉහළින් ප්‍රාග්ධන සප්‍රමාණතා අනුපාතයන් පවත්වාගැනීමටද PLC සමත් විය.

මෙම මූල්‍ය ප්‍රතිඵල සම්බන්ධයෙන් PLC හි ප්‍රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්‍යක්ෂ ශමීන්ද්‍ර මර්සිලීන් මහතා මෙසේ පැවසී ය. “දෙවැනි කාර්තුවේ විශිෂ්ට ක්‍රියාකාරීත්වය මගින් පැහැදිලි වන්නේ, සංකීර්ණ හා අභියෝගකාරී ව්‍යාපාරික පරිසරයක් තුළ ශක්තිමත් ලෙස ඉදිරියට යාමට අප සතු හැකියාවයි. එමෙන්ම එය අපගේ ගනුදෙනුකරුවන්ගේ යහපත වෙනුවෙන් අප දක්වන නොසැලෙන කැපවීම සහ අපගේ මෙහෙයුම් මූලධර්මවල ශක්තිය ද පෙන්නුම් කරනවා. බරපතළ දුෂ්කරතා හමුවේ පවා, සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ ආර්ථික සමෘද්ධියට දායක වෙමින් පුද්ගලයන් සහ ව්‍යාපාර සවිබල ගන්වන මුල්‍ය විසඳුම් ලබාදීමට අප සූදානම්.”

මූල්‍ය විසඳුම් පිරිනමමින්, වර්ධනය දිරිගන්වමින්, සමස්ත ශ්‍රී ලංකාවාසීන්ගේ ආර්ථික සමෘද්ධියට දායක වීම සඳහා PLC දක්වන නොසැලෙන කැපවීම මෙම විශිෂ්ට මූල්‍ය ප්‍රතිඵල මගින් මැනැවින් පිළිබිඹු වේ. සමාගමේ ඔරොත්තු දීමේ හැකියාව, ක්‍රමෝපායික ලෙස අනුගත වීමේ හැකියාව සහ විශිෂ්ටත්වය උදෙසා දක්වන කැපවීම, එහි සාර්ථකත්වයේ පදනම වී ඇත. මේ ඔස්සේ, නවෝත්පාදනය හා විශ්වාසය මූලික කරගනිමින් සහ ජීවිත පෝෂණය කරමින් පීපල්ස් ලීසිං සමාගම මෙරට බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු ලෙස ඉදිරියෙන්ම සිටී.

 

PR

Post Views: 3
Previous Post

රණවිරු පවුල් 1500 ක් අලි කරදරයක

Next Post

ජනතාව කබලෙන් ලිපට වැටෙන තුරු බලා සිටි විපක්ෂයේ සිහින බොඳ වෙලා – මන්ත්‍රී ප්‍රේම්නාත්

editor

editor

Next Post

ජනතාව කබලෙන් ලිපට වැටෙන තුරු බලා සිටි විපක්ෂයේ සිහින බොඳ වෙලා - මන්ත්‍රී ප්‍රේම්නාත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved