27 April 2024
#දේශීය

ජනතාව ප්‍රශ්න කියන්නේ සමගි ජන බලවේගයටයි – විපක්ෂනායක සජිත් කියයි

රටේ ජනතාවගේ ප්‍රශ්ණ කියන්නේ සමගි ජන බලවේගය අපේ පක්ෂයට බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (08) කුණ්ඩසාලේ දිගන ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

මේ රටේ ජනතාව රටේ සෞඛ්‍ය පද්ධතිය දියුණු කරන්න යැයි ඉල්ලා සිටින්නේත්, අධ්‍යාපන පද්ධතිය නගාසිටුවීමට උදව් කරන්නැයි ඉල්ලා සිටින්නේත් ආණ්ඩුවෙන් හෝ, අගමැතිවරයාගෙන් හෝ, ජනාධිපතිවරයාගෙන් හෝ නොව සමගි ජන බලවේගයේ දැයි ප්‍රේමදාස මහතා පැවසීය.

ඒ කිසිවක් ආණ්ඩුවෙන් ඉල්ලා පලක් නැති බව ජනතාව දන්නා බව පැවසූ විපක්ෂ නායකවරයා රට බංකොලොත් වී ඇති තත්ත්වයක් තුළ පවා සමගි ජන බලවේගය රටට අගයක් එකතු කරන කටයුතු සිදුකර ඇති බව පැවසීය.

මේ රටේ පොදු දේපල ඇතුළු මුදල් සොරා කෑ යුගය රාජපක්ෂ යුගය ඔබ පැවසුව විපක්ෂනායකවරයා රට ගොඩනැගීමට නොහැකිව ඇත්තේ ද ඒ මහා මංකොල්ලය නිසා බව පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *