• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මින්පසු අවුරුදු 16 අඩු අයට රැකියා බැහැ -කම්කරු ඇමැති

4 January 2021
in දේශීය

මෙරට පුද්ගලයෙකු රැකියාවකට බඳවා ගැනීමේ වයස අවුරුදු 16 දක්වා ඉහල දැමීමට අදාළ පනත් සංශෝධනය හෙට (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

මෙරට අනිවාර්ය අධ්‍යාපනය වයස අවුරුදු 16 දක්වා වැඩි කිරීමට රජය ගත් තිරණය සමඟ මෙරට පුද්ගලයෙකු රැකියාවකට බඳවා ගැනීමේ වයස ද අවුරුදු 16 දක්වා ඉහල දැමීම මෙම පනත් සංශෝධනයේ අරමුණ වේ.

ශ්‍රී ලංකාව විසින් අත්සන් තබා අනුමැතියට යටත් කළ ලෝක කම්කරු සංවිධානයේ ළමා ශ්‍රමය පිටුදැකීම සඳහා වන ප්‍රඥප්තීන්ට අනුකූලව යමින් මෙම පනත් සංශෝධන ගෙන එනු ලබන බව අමාත්‍යවරයා පවසයි .

ඒ අනුව1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනත, 1942 අංක 45 දරණ කර්මාන්තශාලා ආඥා පනත, 1956 අංක 47 ස්ත්‍රීන්,තරුණයින් හා ළමයින් සේවයේ යෙදවීමේ පනත සහ 1927 අංක 27 අවම වේතන වැටුප් ඉංදියානු කම්කරු(සං⁣ශෝධන) පනත යන පනත් හතර අනිවාර්ය අධ්‍යාපන වයසට සමගාමීව සංශෝධන කෙරේ.මෙම පනත් සංශෝධනයෙන් පසුව වයස අවුරුදු 16 අඩු කිසිම අයෙකු කිසිදු රැකියාවක නියුතු කරවීම නීති විරෝධි වනු ඇත.

එහෙත් වයස අවුරුදු 13ට අඩු ළමයෙකු පාසල ආරම්භ වීමට පෙර හෝ අවසන් වීමෙන් පසු හෝ සිය දෙමව්පියන්ගේ හෝ පවුලේ කෘෂිකාර්මික ව්‍යාපාර කටයුතුවලට සහභාගි වීම සහ අධ්‍යාපන ආයතනයක හෝ පුණ්‍යාධාර කටයුතු සඳහා සංවිධානය කරනු ලබන යම් කිසි ව්‍යාපාරික ක්‍රියාවලියකට සහභාගි වීම සංශෝධනය තුළින් වැළැක්වීමක් සිදුවන්නේ නැතැයි අමාත්‍යවරයා පෙන්වා දෙයි.

Post Views: 8
Previous Post

ලබන 25 වනදා සිට පාසල්වල 11 ශ්‍රේණි ඇරඹීමට තීරණයක්

Next Post

උදයංග කරන්නේ ජනතාවගේ සෞඛ්‍ය සමඟ සෙල්ලමක බව පාඨලි කියයි

editor

editor

Next Post

උදයංග කරන්නේ ජනතාවගේ සෞඛ්‍ය සමඟ සෙල්ලමක බව පාඨලි කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved