27 April 2024
#දේශීය

තුත්ඉරි ගහක්වත් හිටවපු නැති මිනිස්සු අද පරිසරය ගැන කතා කරනවා- පානදුර ප්‍රාදේශීය සභාවේ සභාපති හේමන්ත

තුත්ඉරි ගහක්වත් හිටවපු නැති මිනිස්සු අද පරිසරය ගැන කතා කරන බව පානදුර ප්‍රාදේශීය සභාවේ සභාපති ඩබ්. හේමන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

සභාපතිවරයා මේ බව පැවසුවේ පිබිදෙන පානදුර සංවර්ධන ව්‍යාපෘතිය මාලාවේ එක් වැඩසටහනක් අද (10) දින පානදුර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කේන්ද්‍ර කරගනිමිනි.

එහිදී පානදුර ස්වර්ණජෝති මාවතේ අඩුආදායම් ලාභී පවුලක් සඳහා නව නිවසක් ලබා දීම සිදු කරනු ලැබූ අතර ඒ සඳහා රජයෙන් සහ ප්‍රාදේශිය සභා සභාපතිවරයාගේ අනුග්‍රහයෙන් රුපියල් මිලියන 1.2ක මුදලක් වියදම් කර තිබේ.

ඊට අමතරව පවුල් 150ක අධික ප්‍රමාණයකට සනීපාරක්ෂාව සඳහා පානදුර බෙක්කේගම පුන්සරවතත් ප්‍රදේශයේ පොදු නාන පොකුණක් විවෘත කරනු ලැබීය.

ඊට අමතරව මේ වන විට සමාජයේ විශේෂ කතාබහට ලක්වන වන විනාශයට පානදුර ප්‍රාදේශීය සභාවෙන් පිළිතුරු සපයපු සභාපතිතුමාගේ මග පෙන්වීම යටතේ අප්‍රේල් මාසය තුළ පැල 5000ක් රෝපණය කිරීම අද දින 10.48ට යෙදුනු සුභ මොහොතින් පානදුර ප්‍රදේශයේ ස්ථාන 10කදී පැල 300ක් රෝපණය කරන ලදි.

අද දිනය පුරා පාසල් ළමුන් සඳහා පොත් බෙදාදීම, ප්‍රදේශයේ කසල කළමනාකරනය වෙනුවෙන් ට්‍රැක්ටර් රථ 5ක් ජනතා අයිතියට පත් කිරීම සිදු කරනු ලබන අතර බෙක්කේගම තරුණ ක්‍රීඩා සමාජයේ වොලිබෝල් ක්‍රීඩා පිටිය විවෘත කිරීමද සිදු කරනු ලැබීය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *