• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සනත් නිශාන්තයන්ගේ පිටකවරය කියවු මිනිස්සුන් ඔහුට අපහාස කලා – මන්ත්‍රී විමලවීර

29 January 2024
in දේශීය, පුවත්
සනත් නිශාන්තයන්ගේ පිටකවරය කියවු මිනිස්සුන් ඔහුට අපහාස කලා – මන්ත්‍රී විමලවීර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සනත් නිශාන්තයන්ගේ ජිවිත කතාවේ පිටකවරය කියවු මිනිස්සුන් ඔහුට අපහාස කල බවත් ඔහු ව්‍යාපාරික පවුලක කෙනෙක් වන අතර ඔහුගේ පවුල දේශපාලනය වෙනුවෙන් ලේ පුජා කරපු මිනිස්සු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (29) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා, “ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ඉක්මවා ගිය මනුෂ්‍යත්වයේ අර්බුදයක් තිබෙනවා කියලා මම පෙර මාධ්‍ය සාකච්ඡාවලදි සඳහන් කරනු ලැබුවා. විපතේදි ප්‍රිතිවිය හැකි, ප්‍රිතිය බුක්තිවිදින නව දේශපාලන සංස්කෘතියක් ශ්‍රී ලංකාව තුළ බිහිවෙමින් තිබෙනවා. අනෙකාගේ විපතේදී සතුටුවන, රතිඤ්ඤා පත්තු කරන , කිරිබත් උයන මේ දේශපාලන සංස්කෘතිය මනුෂ්‍යත්වය දෙදරවාගෙන ශ්‍රී ලාංකික දේශය මනුෂ්‍යත්වයේ වියළි කතරක් බවට පත්වෙමින් තිබෙන මොහොතක්. ඊයේ අපි පක්ෂයක් විදිහට , මනුෂ්‍යයෝ විදිහට අපේ නොමැකෙන, ඛේදනීය දිනයක් බවට පත්වුණා. මේ රටේ එක් කොටසක් සනත් නිශාන්ත නම් පුත්ලම් දිස්ත්‍රික් මහජන නියෝජිතයාගේ මරණය සම්බන්ධයෙන් ප්‍රීති ප්‍රමෝදයෙන් උන්මාදයට පත්වෙලා හිටියා. හැබැයි පුත්තලම් දිස්ත්‍රික්කයේ ජනතාවත් මේ රටේ කෘතගුණවේදී සංවේදී මිනිසුන් ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ සෝසුම් මැද්දේ සනත් නිශාන්ත මහතා ඊයේ අවසන් ගමන් ගියා. 1993 මැයි මාසයේ 01 දා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇතුළු සෑහෙන පිරිසක් කොළඹ ආමර් වීදියේදී කැලිවලට කැඩිලා ගිය අවස්ථාවේදී එදා පෙළපාලියේ ගිය ඇතැම් පිරිස් ප්‍රීතිඝෝෂා නැගුවා. හැබැයි මම ඇතුළු විශාල පිරිසක් එය අනුමත කළේ නැහැ. ඒ ඛේදවාචකය තරම කොතරම්ද කිවහොත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමා හදලා දුන්නු උදාගමේ සිටි සමහර පිරිස් කැවුම් පුච්චලා කෑවා. මේ අකාරුණිකකම මම අත්විදපු පළමු අවස්ථාව. ඊළඟ අවස්ථාව තමයි 2022 මැයි 09 දා මේ රටේ කොළඹට ආපු අහිංසක කාන්තාවක් බේර වැවට බස්සලා රෙදි ගලවලා , බස් ගිනි තියලා අතුකෝරාළ මන්ත්‍රිතුමාව මරලා දහස් සංඛ්‍යාත පිරිසගේ ගෙවල්වලට පහරදීලා මගේ ගේ ඇතුළු ගෙවල් 76 ක් ගිනි තියලා විනාශ කරලා විපතේ ප්‍රිතිය බුක්තිවිඳපු දේශපාලන සංස්කෘතිය. ඉන්පසු 2024 ජනවාරි 25 දා සනත් නිශාන්තයන්ගේ මරණයෙන් ප්‍රීතියට පත්වුණු දවස. තවමත් ඔහුගේ මරණයට ප්‍රිතිප්‍රමෝදයට පත්වෙන පිරිසක් මේ මොහොතේත් සිටිනවා. සනත් නිශාන්තයන්ගේ ජිවිත කතාවේ පිටකවරය කියවු මිනිස්සුන් ඔහුට අපහාස කළා. ඔහු ව්‍යාපාරික පවුලක කෙනෙක්. ඔහුගේ පවුල දේශපාලනය වෙනුවෙන් ලේ පුජා කරපු මිනිස්සු. ඔහුගේ ගේ ගිනි තිබ්බේ 2022 මැයි 09 දා. ඔවුන්ගේ පවුලේ තුන්වෙනි ගේ මේ ගිනි තිබ්බේ. සනත් නිශාන්තයන් කිව්වා මේ ගිනි තිබ්බ පිරිස ඔහු අදුරනවා කියලා. හැබැයි ඔවුන් වෙනුවෙන් කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ කියලා ඔහු සිනාමුසු මුහුණෙන් කිව්වා. ඔහු තමන් උපයා සපයාගත්ත දෙයින් පාසල් යන්න බැරි දරුවන්ට පොතක් පතක් අරන් දුන්න අතර බෙහෙත් ටික ගන්න බැරි මිනිස්සුන්ට සාක්කුවේ තිබුණ සල්ලි ටික අරගෙන දුන්නා. පල්ලියට, පන්සලට, පාසලට අවශ්‍ය දේ සපයා දුන්නා. ඔහු පුත්තලම් දිස්ත්‍රික්කයේ ජනතාවට පාරවල් හදලා දුන්නා. විදුලිය, ජලය ටික ලබා දුන්නා. ඔහු රැයක් දහවලක් නැතිව ජනතාව වෙනුවෙන් සේවය කළා. එපමණක් නොවේ මම ජිවත්වෙන නැගෙනහිර ජනතාවටත් වතුර පොදක් දෙන්න ඔහු ගම්ගානේ මාත් සමඟ ඇවිදගෙන ගියා. ඒ සනත් නිශාන්තගේ ජිවිත කතාවේ ඇතුල් පිටු. එපමණක් නොවේ මරණයට පැය ගාණකට පෙර ඔහුට තරුණයෙක් ඇවිත් කියනවා බයිසිකලයක් තිබෙනවා එය අරන්දෙන්න පුළුවන්ද කියලා. ඔහු මේ කාර්ය බහුලත්වය තුළම එම දරුවාට බයිසිකලය අරන්දිලා පැමිණියේ. ඒ එනකොට තමයි ඔහු ඒ අනතුරට මුහුණදුන්නේ. අනුන්ගේ බඩගින්නට බත් පතක් නොදුන්න, අහිංසක දරුවන්ට පොතක් පතක් අරන් නොදුන්න කවදාවත් අනුන්ගේ දුකේදී සංවේදී නොවු නරුමයෝ පිරිසක් ඔහුගේ මරණයේ ප්‍රිතියට පත්වෙනවා. විපත ප්‍රිතියක් කරගත් නව දේශපාලන බලය, ව්‍යාපාරය මාලිමාවේ දිශාව පෙන්වනවා විපතේදී ප්‍රිතියට පත්වෙයල්ලා කියලා. 1971 දී මරලා මේ මරණයේ විපතේ ප්‍රිතියෙන් දේශපාලනය ආරම්භ කළා. 87,88, 89 මේ ලක්ෂ සංඛ්‍යාත තරුණ පරපුරක් හේවිසි හොරනෑ පාන්සකූල නැති ටයරයේ තෙල් ගැලුමේ දවා අලු කරන්න මඟ හදපු ඔවුන් විපතේදී සතුටට පත්වුණා. සමාජ ජාලාවල මේ සනත් නිශාන්තට නීතියෙන් දඩුවන් දෙන්නේ නැති නිසා කර්මය විසින් විනිශ්චය කොට ඔහුට දඩුවම් දි ඇති කියලා දාලා තිබෙනවා. මම අහන්න කැමති ඔවුන්ගෙන් 1990 බොරැල්ල කනත්තෙදි පන පිටින් පුලුස්සා ඝාතනය කළ රෝහණ විජේවීරගේ කර්ම විනිශ්චය කළේ කවුද කියලා. ඒ වගේම කාටවත් වරදක් නොකරපු අවිහිංසා චරිතය විජේ කුමාරතුංග ඝාතනය කිරීම සඳහා කර්මය විනිශ්චය කළේ කවුද කියලා. ඒ නිසා මේ කරුමක්කරුවන්ගේ කරුමය විනිශ්චය කවදා සිදුවෙනවාද කියලා අපි අහන්න ඕන.

මේ මොහොත වන කොට තිබෙන ප්‍රශ්නය තමයි මේ රටේ මතයක් තිබෙනවා මාලිමාව තමයි රට ගොඩගන්නේ කියලා. එතකොට විපතේ ප්‍රිතිය බුක්ති විදින මාලිමාවේ දිසාවට අත දිගුකරන හැමෝම හෘදසංවේදි බවක් නැති, අනුකම්පාවක් නැති මනුෂ්‍යත්වයක් නැති මිනිස්සුන් ගොඩනගන මේ රටෙන් ඇති පලය කුමකටද? කියලා මම ප්‍රශ්න කරන්න‍ෙ. මෙහි වැඩිපුරම ඉන්නේ සිංහල බෞද්ධයෝ. ඊළඟට සිටින්නේ සිංහල ක්‍රිස්තියානිකරුවන්. බුදුන්වහන්සේ කිව්වේ සියලු සත්වයෝ නිරෝගිවෙත්වා සුවපත් වෙත්වා කියලා. ඒ දහම අදහනවා කියලා මිනිස්සු අනුන්ගේ මරණයේදී ප්‍රීතිඝෝෂා නගනවා. අසල්වැසියන්ට ප්‍රේම කරන්න කිව්ව ජේසුස් වහන්සේගේ ධර්මය අදහන ක්‍රිස්තියානි සිංහලයෝ මේ ව්‍යාපාරයේ සෑහෙන්න සිටිනවා. හැබැයි දෙමළ මුස්ලිම් සමාජය මෙතන නැහැ. සනත් නිශාන්තයන් තමන්ගේ දරු පැටව් 04ට හරි ආදරයෙන් හිටිය මනුෂ්‍යයෙක්. මම ලඟින් ආශ්‍රය කළ මනුෂ්‍යයෙක්. හය හතර නොදත් කිරි සප්පයා අතේ වඩාගෙන ඉන්න පිරිමි දරු පැටියා අම්මා අඩනකොට කඳුළු පිහිදනවා. අපිටත් ඇඩෙනවා. හැබැයි ෆේස්බුක් එකේ තිබෙනවා මේ දරුවෝ සියලුදෙනා හැදිගැවිලා යන්න කියලා. හය හතර නොදත් අහිංසක දරුවන් හැදිගෑවෙන්න කියලා මාලිමාවට ඡන්දය දෙන පිරිස කවුරුන්ද කියලා මම අහන්නේ. ඒ නිසා පළමුව මනුෂ්‍යකම, දෙවනුව රට. මනුෂ්‍යකමක් නැති දේශපාලනයක් මේ රටට අවශ්‍යද? කියලා මම අහන්නේ. ඒ නිසා මේ විපතේදී ප්‍රිතිය බුක්තිවිදින්නාවූ මේ නරුමයෝද මේ රට ගොඩනගන්නේ කියලා මම ඔබ ඉදිරියේ තබන්නේ. හැබැයි සනත් නිශාන්තයන්ගේ දේහ ඉදිරියේ කඳුළු හලන සමහර වයසක අම්මලා තාත්තලා මගේ බුදු පුතේ ආය අපිව බලාගන්න කවුරුත් නැහැ කියලා කියනවා. ඔහු බොහෝ විට මගේ ජිවිතයේ බොහෝ දුක්ගැනවිලිවලට උදව් කළ මනුෂ්‍යයෙක්. ඔහු හැමෝම වෙනුවෙන් මානව හිතවාදියෙක්. තමන්ගේ ව්‍යාපාරයෙන් උපයාගෙන අනුන්ට උදව් කළ කෙනෙක්. ඔහු මේ රට උලාකාපු හුදු උම්බෑවෙක් නොවේ. බොහෝ දෙනෙක් අද මේ සාමාජ මාධ්‍ය ජාලා නියාමනය කරන්න පනතක් ගෙනාවාම රට ඉවරයි කියලා කෑ ගහනවා. මේ දවස්වල කියනවා ඊළඟට මැරෙන්නේ මහින්ද මයිනා කියලා. හැමදාම උදේ සවස ප්‍රාර්ථනා කරනවා මැරෙන්න කියලා. ඔවුන්ද මේ රට ගොඩනගන්නේ? දැන් මේ ප්‍රවෘත්තිය ගියාම ඊලඟට මැරෙන්නේ විමලවීර, ඔහුට නිවන්සුව කියලා කියයි.ඒ නිසා මේ සාපරාධි අපරාධ දුෂ්ඨ මාධ්‍ය පාලනය කරන්නේ නැත්ද අපි. මදුරුවෙක්වත් මරන්නේ නැති විමලවීරට මරණය ප්‍රාර්ථනා කරන්නේ මොන හිතකින්ද? ඒ නිසා කෙලෙසුන මනුෂ්‍යත්වයක් ඇති දේශපාලන ව්‍යාපාරයක් ගේන්න මේ රටේ උගත්තු කියන දේවල්ද මේ? මේ ටයිකෝට් දාගත්ත උගත් පිරිස හැබැයි මොවුන් ප්‍රඥාවන්තයෝ නොවේ. ඔවුන් බුද්ධිමත් වෙන්න පුළුවන්. හැබැයි ඔවුන් ප්‍රඥාවන්තයෝ නොවේ. මේ රටට අවශ්‍ය වන්නේ ප්‍රඥාවන්තයෝ. මහින්ද රාජපක්ෂ කියන්නේ අපිට හිටපු යුග පුරුෂයෙක්. ඔහු මේ මරණය නිසා හඬා වැලපුනා, ඔවුන් දෙපළ අතර තිබුණු සහෝදරත්වය නිසා. මේ දේශපාලනඥයෝ සියලුදෙනාගේ අභ්‍යන්තරය කියවලා බලන්න ඕන. ඔවුන් අනෙකා වෙනුවෙන් මොනතරම් පරිත්‍යාගයක් කරපු මිනිස්සුද කියලා. ඒ නිසා සනත් නිශාන්තයන් දේශපාලනයට පැමිණියේ මුදල් උපයන්න නොවේ. ඔහු අනුන්ගේ මුදල් නොවේ ඔහුගේ මුදල්වලින් තමයි අනුන්ට උදව් කළේ. පුත්තලමේ කඳුළු ගඟක් එතුමා වෙනුවෙන් ගැලුවා. හැබැයි ෆේස්බුක් එකේ සිටින සනත් නිශාන්ත මැරයෙක්, දුෂ්ඨයෙක්. මේ සමාජ මාධ්‍යජාලා වැනි මාධ්‍ය මිත්‍යාව ඉවත් කරන්න.මෙහි ඇත්ත පෙන්වන්න. මේ මිත්‍යාව තුරන් කිරීම සඳහා මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා ඇත්ත ලෝකයට හෙළිකරන්න.”යනුවෙන් මන්ත්‍රී විමලවීර දිසානායක මහතා මෙහිදි සඳහන් කළේ ය.

Post Views: 341
Previous Post

ආණ්ඩුව ප්‍රතිත්‍රස්ථ පනත ගෙනැවිත් තිබෙන්නේ ජනතාව පාලනය කිරීමටයි -මන්ත්‍රී රංජිත් 

Next Post

දේශපාලන මතභේද, වාදයට පමණක් සීමා කළ යුතුයි – අගමැති

editor ttvnews

editor ttvnews

Next Post
දේශපාලන මතභේද, වාදයට පමණක් සීමා කළ යුතුයි – අගමැති

දේශපාලන මතභේද, වාදයට පමණක් සීමා කළ යුතුයි - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

9 June 2025
නැවතත් කාලගුණයෙන් බාධා

නැවතත් කාලගුණයෙන් බාධා

9 June 2025
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025

Recent News

කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

9 June 2025
නැවතත් කාලගුණයෙන් බාධා

නැවතත් කාලගුණයෙන් බාධා

9 June 2025
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

9 June 2025
නැවතත් කාලගුණයෙන් බාධා

නැවතත් කාලගුණයෙන් බාධා

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved