27 April 2024
#දේශීය #පුවත්

ආණ්ඩුව ප්‍රතිත්‍රස්ථ පනත ගෙනැවිත් තිබෙන්නේ ජනතාව පාලනය කිරීමටයි -මන්ත්‍රී රංජිත් 

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සහ ප්‍රතිත්‍රස්ථ පනත හරහා නැති කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

මන්ත්‍රීවරයා කියා සිටියේ මෙම පනත් සියල්ල ආණ්ඩුව ගෙන එන්නේ ජනතාව පාලනය කිරීමට බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා මේ බව පැවසුවේ අද (28) දින විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක් වෙමිනි.

මැතිවරණ පැවැත්වෙන වර්ෂයක ප්‍රතිත්‍රස්ථ පනත ගෙනැවිත් තිබෙන්නේ ජනතාව මර්දනය කර මැතිවරණ ජයග්‍රහනය කිරිමේ බලාපොරොත්තුවෙන් බවත් මද්දුම බණ්ඩාර මහතා කියා සිටියේය.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ වගන්ති 57 න් වගන්ති 32 ක් සංශෝධනය කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදුන් බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නොසලකා හැර කතානායකවරයාත් ආණ්ඩුවත්

පනත සම්මත කර ගත් බවත් රටේ මීට පෙර සිටි කතානායකවරු පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ බවත් වර්තමාන කතානායක ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු නොසලකා හැර තිබෙන බවත් මද්දුම බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *