• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කෝප් කමිටුවේ අවධානය පිණිසයි

පේරාදෙණියේ ලක්ෂ 56යේ නිෂ්කාර්ය වැයට වගකිවයුත්තෝ මෙන්න...

28 July 2026
in දේශීය, පුවත්
කෝප් කමිටුවේ අවධානය පිණිසයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව 2023 අප්‍රේල් සහ අගෝස්තු මාසවලදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කටයුතු සමාලෝචනය කිරීම සඳහා පවත්වන ලද රැස්වීම් වාර දෙකකදී, එම විශ්වවිද්‍යාලය විසින් නිෂ්කාර්ය ලෙස වැය කර ඇති රුපියල් ලක්ෂ 56ක මුදලක් එකී අදූරදර්ශී තීරණය ගැනීමට වගකිවයුත්තන් වෙතින් ආපසු රජයට අය කරගත යුතු වන බවට තදබල නිර්දේශයක් ලබා දී තිබේ.
කෝප් කමිටුවේ මෙම නිර්දේශයෙන් වසර තුනකට අධික කාලයක් ගතවී තිබෙන මේ මොහොත වන විටත් එම විශාල මුදල අය කර ගැනීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බලධාරීන් කටයුතු කර නැති අතර, එම කාර්යය පැහැර හැරීම සඳහා කල් මරමින් සහ වංගු ගසමින් සිටින බව වාර්තා වේ.
2015 වර්ෂයේදී එම විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා විධිමත් පරීක්ෂණයකින් තොරව සේවයෙන් ඉවත් කිරීම හේතුකොටගෙන ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් පවරා තිබුණි. 2021 දී ලබා දුන් එහි තීන්දුව මගින් විශ්වවිද්‍යාලය ගත් එම ක්‍රියාමාර්ගය ස්වාභාවික යුක්තියේ මූලධර්මයන්ට පටහැනි බව තීරණය කරමින් බලශූන්‍ය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කර තිබුණි. මෙම තීන්දුව නිසා 2015 සිට 2022 දක්වා වසර 7ක කාලයක් හිඟ වැටුප් සහ දීමනා ලෙස රුපියල් ලක්ෂ 56කට ආසන්න මුදලක් එකී නිලධාරියාට ගෙවීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට සිදුව තිබුණි.
මෙම වැය අදාළ නිලධාරියාගෙන් කිසිදු සේවයක් ලබා ගැනීමෙන් තොරව ගෙවීමට සිදුව තිබීම හේතුවෙන් එය නිෂ්කාර්ය වැයක් ලෙස සලකා, එකී විචක්ෂණශීලී නොවන සේවයෙන් ඉවත් කිරීමේ තීරණය ගත් බලධාරීන්ගෙන් එම මුදල ආපසු අය කරගත යුතු වන බව විගණකාධිපතිවරයා විශේෂ විගණන වාර්තාවක් මගින් නිර්දේශ කර තිබුණි. මෙම විගණන වාර්තාව සලකා බැලූ කෝප් කමිටුව අදාළ නිර්දේශය ලබා දී තිබුණි. එකී කෝප් කමිටු රැස්වීමේදී එවකට විගණකාධිපති චූලන්ත වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබුණේ බලධාරීන් එම කාර්යය පැහැර හැරියහොත්, විගණකාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව එම මුදල ආපසු අය කර ගැනීමට තමන් කටයුතු කරන බවය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය බලධාරීන් මෙම අදූරදර්ශී ක්‍රියාවට වගකිවයුතු පුද්ගලයන් කවුරුන්දැයි කිසිදු සොයාබැලීමකින් තොරව වංගු ගසමින් මෙම කටයුත්තෙන් මගහැර යාමට කටයුතු කරන හෙයින්, මෙම තකතීරු ක්‍රියාවේ සැබෑ වගකිවයුත්තන් කවුරුන්දැයි අපි හෙළිදරව් කර සිටින්නෙමු.
– මතු සම්බන්ධයි
Post Views: 3
Previous Post

හම්බන්තොටහම්බන්තොට වරායේ වසර ගණනක් රැඳුණු වාහන 1,278ක් ගැන

Next Post

එක් ටිකට් පතකින් මාලදිවයින් දූපත් 17කට ශ්‍රීලංකන්ගෙන් සංචාරකයින්ට නව සුපිරි පහසුකමක්

Editor TTV News

Editor TTV News

Next Post
එක් ටිකට් පතකින්  මාලදිවයින් දූපත් 17කට ශ්‍රීලංකන්ගෙන් සංචාරකයින්ට  නව සුපිරි පහසුකමක්

එක් ටිකට් පතකින් මාලදිවයින් දූපත් 17කට ශ්‍රීලංකන්ගෙන් සංචාරකයින්ට නව සුපිරි පහසුකමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved