පේරාදෙණිය ස්වභාව ධර්මයේ අපූරු දායාදයකි.මෙම පාරාදීසයට අරක්ගත් තක්කඩින් විසින් සිදුකරන අවකල් ක්‍රියාවන් තුලින් මෙම පරාදීසයේ අදුරු පාතාලයක් හෙවත් පාර රාජ්‍යයක් නිර්මාණය කර ඇත.කිසිවෙකු කතා කිරීමට මැළි වන මෙම අදුරු පාතාලය තුල සිය යෞවනය විනාශ කරගත් දරුවන් බොහෝය.අමන පාලකයන්ගේ තිරස්චීන පලිගැනීම් හේතුවෙන් සිය ජීවිත සම්පූර්ණයෙන් විනාශ වූ සේවකයන් බොහෝය.
අපගේ හෙලිදරව් කිරීම් සමග දිරිමත් වූ මෙම වින්දිතයන් දැන් දැන් සිය හඩ අවදි කරන්නට පටන්ගෙන තිබෙන බව අප වෙත අඛණ්ඩව ගලා එන තොරතුරු වලින් පෙනී යයි.
ඒ අනුව විශ්වවිද්‍යාලයේ ඉහලම බලධාරීන්ගේ එකගෙයි කෑම්,මහජන මුදල් සමග කල කෙලි සෙල්ලම්,වාහන ගිනි තැබීම් ආදී අවකෙලි සාක්ෂි සහිතව ජනතාව හමුවේ තැබීමට අප සූදානම් ය.මහජන මුදල් සාංඝික දේපල සේ ආරක්ෂා කරන බව කියන සහ නීතියට ඉහළින් කිසිවකු නැති බව කියන ආණ්ඩුවක් දැන් බලයේ සිටින බැවින් අදාළ බලධාරින් මෙම අවකල් ක්‍රියාවන සැහැල්ලුවෙන් නොතකනු ඇති බව අපගේ විශ්වාසයයි.















