පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ දිවියෙකු සැරිසැරීමේ අවදානමක් පවතින බැවින්, විශ්වවිද්‍යාලයේ සියලුම සිසු සිසුවියන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුසිංහ මහතා විශේෂ දැනුම්දීමක් කර තිබේ.
පසුගිය ජනවාරි මාසයේදී උඩ පේරාදෙණිය රක්ෂිතයේ සිට පැමිණි මෙම දිවියා, විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයට අයත් සත්ව ගොවිපළේ මී ගව පැටියෙකු මරා දැමීමත් සමඟ මෙම ආරක්ෂක පියවර ගෙන ඇත.
සිසුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුව මේ වන විටත් දැනුවත් කර ඇති අතර, පශු වෛද්‍ය පීඨයේ සත්ව ගොවිපළ සඳහා අමතර ආරක්ෂක වැටක් සවි කිරීමටද පියවර ගෙන ඇති බව උපකුලපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















