පේරාදෙණිය විශ්වවිද්යාලයේ සැලූන් සේවාව පවත්වාගෙන ගිය කපිල ලසන්ත නාගොඩ නැමැති අයට විශ්වවිද්යාල භූමිය වසර 5 කට තහනම් කිරීමේ තීරණය ගැනීමට පෙර අදාල පුද්ගයාගෙන් ඒ පිලිබදව කිසිවක් විමසා නැති අතර ඔහුගෙන් ප්රකාශයක් හෝ සටහන් කරගෙන නොමැති බව පේරාදෙණිය විශ්වවිද්යාලය විසින් පිලිගෙන ඇත.
මේ සම්බන්ධයෙන් සැලූන් හිමිකරු විසින් ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත සිදුකරන ලද පැමිණිල්ලක් 2026 ජුනි 16 වන දින මහනුවර ප්රාදේශීය මධ්යස්ථානයේදී විභාගයට ගන්නා ලද අවස්ථාවේ මේ බව අනාවරණය වී ඇත.
ස්වභාවික යුක්ති මූලධර්මයට අනුව දෙපාර්ශ්වයෙන්ම කරුණු විමසීම අත්යවශ්ය අවශ්යතාවයක් බවත් ඒ අනුව සැලූන් හිමිකරුට සිය නිර්දෝෂීභාවය සම්බන්ධයෙන් කරුණු කියා පෑමට අවස්ථාව නොදීම ස්වභාවික යුක්තියට පටහැනි බවත් මානව හිමිකම් කොමිසම පේරාදෙණිය විශ්වවිද්යාලය වෙනුවෙන් මෙම පරීක්ෂණය සදහා සහභාගී වී සිටි නීතී නිලධාරී රසිකා වික්රමසිංහ වෙත පෙන්වාදී තිබේ.
















