• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පේරාදෙණියේ පාලකයෝ උගුරට හොරා බෙහෙත් බොති ආරක්ෂක නියාමකට ආපනශාලා දෙකක්ම බදු දීලා…

26 July 2026
in දේශීය, පුවත්
පේරාදෙණියේ පාලකයෝ  උගුරට හොරා බෙහෙත් බොති ආරක්ෂක නියාමකට ආපනශාලා දෙකක්ම බදු දීලා…
0
SHARES
11
VIEWS
Share on FacebookShare on Twitter
පේරාදෙණියේ ඉහළ බලධාරීන් නීතිමය වශයෙන් කළ නොහැකි වැරදි ක්‍රියාවන් එසේ නොවන නීත්‍යානුකූල කටයුතු බව පෙන්වමින් සිදු කිරීමට රුසියෝය. මෙවැනි තක්කඩි ක්‍රියාවන්ට අපගේ මුතුන්මිත්තෝ කීවේ ”උගුරට හොරා බෙහෙත් බොනවා වාගෙයි” කියාය. එවැනි දැන දැන සිදු කරනු ලබන තවත් වරදක් පේරාදෙණියෙන් අපට වාර්තා වේ.
රජයේ සේවකයෙකුට එම ආයතනය සමග වාණිජමය ගනුදෙනු සිදු කිරීම මෙන්ම කොන්ත්‍රාත් වැනි කටයුතු සඳහා ගිවිසුම් ඇති කර ගැනීමද සපුරාම තහනම්ය. එය “සම්බන්ධතා අතර ගැටුම් ඇති කරනු ලබන” ක්‍රියාවන් ලෙස සැලකේ (Conflict of Interest). එම සියලු නීතිමය තත්ත්වයන් නොසලකා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයේ ආරක්ෂක නියාමකයෙකුට විශ්වවිද්‍යාල ආපනශාලා දෙකක් පවත්වාගෙන යාම සඳහා ටෙන්ඩරයක් ලබා දී තිබේ.
වැලිආරාවේ ගෙදර වසන්ත බණ්ඩාර යන මෙම පුද්ගලයා ආරක්ෂක අංශයේ ආරක්ෂක නියාමකවරයෙකු ලෙස කටයුතු කරන අතරම, සිය බිරිඳගේ නමින් සෙනෙට් මන්දිරයේ කාර්යමණ්ඩල ආපනශාලා දෙක පවත්වාගෙන යාම සඳහා මෙම ටෙන්ඩරය ලබාගෙන තිබේ. සිය බිරිඳගේ නම භාවිතා කළද මෙම ටෙන්ඩරය ලබා ගැනීම සඳහා වන සියලු කටයුතු සිදු කර තිබෙන්නේද මෙම පුද්ගලයා විසිනි.
මෙම ආපනශාලා දෙකෙන් සෙනෙට් මන්දිරයේ තෙවැනි මහලේ කොටසක පවත්වාගෙන යන ආපනශාලාව අතුරු බදු දී වෙනත් පුද්ගලයෙකු මාර්ගයෙන් පවත්වාගෙන යන අතර, ප්‍රධාන පුස්තකාලය පිටුපස පිහිටි ”අල කැන්ටිම” යනුවෙන් හඳුන්වනු ලබන ආපනශාලාව එම පුද්ගලයා විසින්ම පවත්වාගෙන යනු ලබයි.
මෙම පුද්ගලයා සිය රාජකාරී සේවා මුර යොදා ගන්නේද එකී ආපනශාලාවේ කටයුතුවලට බාධාවක් නොවන පරිදි සිය අභිමතය පරිදිය. බොහෝ අත්‍යවශ්‍ය රාජකාරී අවස්ථාවලදී පවා නිවාඩු ලබා ගනිමින් ආපනශාලාවේ ව්‍යාපාරික කටයුතුවල නියැලී සිටිනු දකින්නට ලැබේ.
පසුගිය උපාධි ප්‍රදානෝත්සවය පැවැති ජූනි මස 24, 25 සහ 26 දිනවලදී අන් සියලු ආරක්ෂක නිලධාරීන්ට රාජකාරියට වාර්තා කිරීම අනිවාර්ය කර තිබියදී මෙම පුද්ගලයා පමණක් නිවාඩු ලබාගෙන සිය ආපනශාලාවේ ව්‍යාපාරික කටයුතුවල නිරතව සිට ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අධ්‍යක්ෂවරයා විසින් ඔහුට අවවාද කිරීමේ ලිපියක් නිකුත් කර තිබෙන බවත් අප වෙත වාර්තා වේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා විසින් එවකට රජයේ අමාත්‍යවරයෙකු වූ රාජිත සේනාරත්නට එරෙහිව අභියාචනාධිකරණයේ පවරන ලද නඩුවකදී, 2000 වසරේදී ලබා දුන් තීන්දුවට අනුව රාජිත සේනාරත්න මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීමට අභියාචනාධිකරණය කටයුතු කළේය. එම නඩුවට පදනම් වූයේ සේනාරත්න මහතා තමන් අධ්‍යක්ෂ ධූරයක් දැරූ සමාගමක් මගින් රජයට වෛද්‍ය උපකරණ සැපයීම සඳහා ගිවිසුමකට එළඹ තිබීමයි. එම තත්ත්වය “සම්බන්ධතා අතර නියත ගැටුමක්” ඇති කරනු ලබන බව අභියාචනාධිකරණය තීරණය කළේය. සමාන නෛතික තත්ත්වයන් අවබෝධ කර ගැනීම සඳහා පේරාදෙණිය බලධාරීන්ට එම නඩු තීන්දුව අන්තර්ජාලය මගින් ලබාගෙන පරිශීලනය කළ හැකිය.
Post Views: 17
Previous Post

පුරන් කුඹුරු අස්වද්දලා තේරුමක් නැහැ…

Next Post

පේරාදෙණිය CMO වාර්තා පිට වාර්තා තබයි වැඩබලන සුපවයිසර් තනතුරක් දීලා.

Editor TTV News

Editor TTV News

Next Post
පේරාදෙණිය CMO වාර්තා පිට වාර්තා තබයි වැඩබලන සුපවයිසර් තනතුරක් දීලා.

පේරාදෙණිය CMO වාර්තා පිට වාර්තා තබයි වැඩබලන සුපවයිසර් තනතුරක් දීලා.

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

25 August 2026
ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා  ඇමරිකාවේදී අත්අඩංගුවට

ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා ඇමරිකාවේදී අත්අඩංගුවට

25 August 2026
යුක්‍රේනයේ කළු මුහුදේ  වරායන්හි තිබූ නෞකා 5 කට  ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

යුක්‍රේනයේ කළු මුහුදේ වරායන්හි තිබූ නෞකා 5 කට ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

25 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

25 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

25 August 2026
ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

25 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved