• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කෝප් කමිටුවේ අවධානය පිණිසයි -අංක 02

මූලික විරෝධතාව නිෂ්ප්‍රභ කර ඇත්තේ නීතිඥ ලාල් විජේනායක නීති නිලධාරී රසිකා වික්‍රමසිංහත් දැනුවත්ව ඉඳලා

28 July 2026
in දේශීය, පුවත්
කෝප් කමිටුවේ අවධානය පිණිසයි -අංක 02
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයාට එරෙහිව, ඔහු විසින් සිය නිල බලය යොදාගෙන සිදු කළ බවට චෝදනා කළ ක්‍රියාවන් 5ක් ඇතුළත් පැමිණිල්ලක්, පේරාදෙණිය විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය (FPUTA) විසින් සිය 2015-02-12 දිනැති ලිපිය මගින් එවකට උපකුලපති අතුල සේනාරත්න වෙත ඉදිරිපත් කර තිබුණි. එකී පැමිණිල්ල සඳහා අත්සන් කර තිබුණේ එවකට එම සංගමයේ සභාපති ආචාර්ය ශ්‍යාම බන්නහැක සහ ලේකම් ආචාර්ය දනේෂ් කරුණානායක යන අයයි. (මෙම පැමිණිලිකාර ශ්‍යාම බන්නහැක මේ වන විට දන්ත වෛද්‍ය පීඨයේ පීඨාපති ලෙස වර්තමාන පාලක සභාව නියෝජනය කරමින් සිටීමද විශේෂ තත්ත්වයකි.)
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු සොයා බලා වාර්තා කිරීම පිණිස ත්‍රිපුද්ගල තොරතුරු සොයා බැලීමේ කමිටුවක් (Fact-Finding Committee) පාලක සභාව විසින් පත්කර තිබේ. මෙම කමිටුවේ සාමාජිකයන් ලෙස එවකට පාලක සභා සාමාජික නීතිඥ ලාල් විජේනායක සහ ආචාර්ය එස්. බී. ඒකනායක යන අයද, එවකට දන්ත වෛද්‍ය පීඨයේ මහාචාර්ය ආර්. එල්. විජේවීරද පත්කර තිබේ.
2015-09-30 වන දින ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙම කමිටුව හමුවට ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයා කැඳවා තිබෙන අතර, ඔහු එහිදී තොරතුරු සොයා බැලීමේ කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන මහාචාර්ය ආර්. එල්. විජේවීර අසුන් ගැනීම සම්බන්ධයෙන් මූලික විරෝධතාවක් ගොනු කර තිබේ.
අදාළ මූලික විරෝධතාවට පදනම වී තිබෙන්නේ කමිටු සාමාජිකයෙකු වන මහාචාර්ය ආර්. එල්. විජේවීර, පැමිණිලිකාර පේරාදෙණිය විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ (FPUTA) සාමාජිකයෙකු වන හෙයින් එම පරීක්ෂණය ”ස්වාභාවික යුක්තියේ මූලධර්මයට” පටහැනි වන බවයි.
මෙම මූලික විරෝධතාව ඉදිරිපත් කිරීමෙන් පසුව එම අවස්ථාවේදී කමිටු සභාපති ලෙස කටයුතු කළ නීතිඥ ලාල් විජේනායක සිය තීරණය ලබා දෙමින් පවසා තිබෙන්නේ ස්වාභාවික යුක්තියේ මූලධර්මය අධිකරණ නඩු කටයුතුවලට අදාළ වුවද අභ්‍යන්තර විනය පරීක්ෂණ සඳහා එය අදාළ නොවන බවයි. එසේ හෙයින් එකී විරෝධතාව නිෂ්ප්‍රභ කර පරීක්ෂණය ඉදිරියට පවත්වාගෙන යාමට ඔහු තීරණය කර තිබේ.
මෙම අභ්‍යන්තර පරීක්ෂණ සඳහා ස්වාභාවික යුක්තියේ මූලධර්මය අදාළ නොවන බව ප්‍රකාශ කර තිබෙන ලාල් විජේනායක, පළපුරුදු නීතිඥයෙකු මෙන්ම ප්‍රකට වාමාංශික දේශපාලකයෙකුද වන බව සිහිපත් කර ගත යුතුය. ඔහු ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රබලයෙකුද වන අතර, එහි ආනුභාවයෙන් වර්තමාන පේරාදෙණිය විශ්වවිද්‍යාල පාලක සභාවේ සාමාජිකයෙකුව සිටීමද දෛවෝපගත සිදුවීමකි.
මෙම මූලික විරෝධතාව සහිත ප්‍රකාශය ලබා දීමෙන් නොනැවතුණු ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයා 2015-10-25 දිනැතිව නැවත ලිඛිත දේශනයක් මගින් සිය විරෝධතාව සහිත කරුණු දැක්වීමක් ගොනු කර තිබෙන අතර, එකී ලිඛිත දේශනය අදාළ කමිටුවේ කැඳවුම්කාරිය ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී (නීති හා ලේඛන) රසිකා වික්‍රමසිංහ මගින් කමිටු සාමාජිකයන් තිදෙනාට පිටපත් තුනක් සහ කැඳවුම්කාරියට පිටපතක් වශයෙන් පිටපත් 4කින් යුක්තව ගොනු කර තිබේ.
ඒ අනුව ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී (නීති හා ලේඛන) ලෙස කටයුතු කළ රසිකා වික්‍රමසිංහ යන අය මෙම මූලික විරෝධතාව සම්බන්ධයෙන් ඉතාමත් හොඳින් දැනුවත්ව සිට ඇති බව පැහැදිලි වේ.
– මතු සම්බන්ධයි
Post Views: 2
Previous Post

බුදුන් වහන්සේගේ ප්‍රථම දම්සක් දෙසුම සිදු කළ සාරානාත් පුදබිම ලෝක උරුම ලැයිස්තුවට එක්වෙයි!

Next Post

පොලිස් නිලධාරීන්ට තර්ජනය කළ චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවම්

Editor TTV News

Editor TTV News

Next Post
පොලිස් නිලධාරීන්ට තර්ජනය කළ චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවම්

පොලිස් නිලධාරීන්ට තර්ජනය කළ චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved