• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කෝප් කමිටුවේ අවධානය පිණිසයි – අංක 03

නිෂ්කාර්ය වැයට වගකිවයුතු නිලධාරීන් කවුද?

28 July 2026
in දේශීය, පුවත්
කෝප් කමිටුවේ අවධානය පිණිසයි – අංක 03
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයාට එරෙහි මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු සොයා බලා වාර්තා කිරීම පිණිස පත් කළ ත්‍රිපුද්ගල තොරතුරු සොයා බැලීමේ කමිටුව (Fact-Finding Committee) විසින් සිය පරීක්ෂණ වාර්තාව 2015 නොවැම්බර් 20 වන දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලක සභාව වෙත ඉදිරිපත් කර තිබෙන අතර, අදාළ වාර්තාවේ සඳහන් කර ඇත්තේ චෝදනා කරන ලද වැරදි 05 සඳහාම ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයා වරදකරු වන බව ඔප්පු වී තිබෙන බවයි.
විශ්වවිද්‍යාල ආයතන සංග්‍රහය මගින් ප්‍රකාශිත විනය පටිපාටියට අනුව මූලික විමර්ශනයක් යනු චෝදනා කෙරෙන යම් විෂමාචාරයක් සම්බන්ධයෙන් චෝදනා පත්‍රයක් ගොනු කිරීමට තරම් වන සාක්ෂි සාධක බැලූ බැල්මට තිබේදැයි සොයා බැලීමේ පරීක්ෂණයකි. එමගින් ප්‍රමාණවත් සාක්ෂි සාධක ඒකරාශී කිරීමෙන් පසුව චෝදනා පත්‍රයක් ගොනු කර, විධිමත් පරීක්ෂණයක් පවත්වා, චෝදනා ඔප්පු කිරීමෙන් අනතුරුව විනය බලධාරියා විසින් දඬුවම් නියම කිරීම කළ යුතුය. ආයතන සංග්‍රහයේ ප්‍රකාශිත විෂමාචාරයන්ට අදාළ වැරදි සහ ඊට සමපාත දඬුවම්ද එහි දක්වා තිබේ.
කෙසේ වෙතත්, විධිමත් චෝදනා ගොනු කිරීමකින් හෝ චෝදනාවලට අදාළ විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමකින් තොරව ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයා චෝදනා සියල්ලටම වැරදිකරු බව තීරණය කළ තොරතුරු සොයා බැලීමේ කමිටුව (Fact-Finding Committee) විසින් ඉදිරිපත් කළ වාර්තාව සලකා බලන ලද පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය පාලක සභාව, 2015-11-28 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයාගේ සේවය අවසන් කිරීමට තීරණය කර තිබුණි.
මෙම තීරණය ගන්නා අවස්ථාව වන විට තොරතුරු සොයා බැලීමේ කමිටු (Fact-Finding Committee) සාමාජිකයෙකු ලෙස කටයුතු කළ මහාචාර්ය ආර්. එල්. විජේවීර, නියෝජ්‍ය උපකුලපති ලෙස පත්ව නිල බලයෙන් පාලක සභාව නියෝජනය කරමින් සිට ඇති අතර, අනෙක් සාමාජිකයන් වන ලාල් විජේනායක සහ එස්. බී. ඒකනායක යන දෙදෙනාද පාලක සභාව නියෝජනය කළහ. ඒ අනුව විමර්ශන කමිටු සාමාජිකයන් තිදෙනාම සිය වාර්තාව පිළිබඳ අවසන් තීරණය ගැනීම සඳහාද සහභාගී වී තිබේ. එයද විශේෂිත තත්ත්වයකි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය පාලක සභාව එකී නීතියට පටහැනි තීරණය ගන්නා අවස්ථාව වන විට, පාලක සභාවේ නීති උපදේශක ලෙස ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී (නීති හා ලේඛන) රසිකා වික්‍රමසිංහ යන අය කටයුතු කර තිබෙන අතර, සේවය අවසන් කිරීමේ නීතිවිරෝධී තීරණය ගන්නා අවස්ථාව වන විට ඇය පාලක සභාවට නිලධාරී මට්ටමින් සහභාගී වී සිට තිබේ. එම අවස්ථාව වන විටත් ඇය ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයා විසින් ඉදිරිපත් කරන ලද මූලික විරෝධතාව සම්බන්ධයෙන් හොඳින් දැනුවත්ව සිට තිබෙන අතර (මූලික විරෝධතාවේ පිටපතක් නීති නිලධාරිනිය වෙත ලබා දී තිබුණි), නීතිඥවරියක වන ඇය “ස්වාභාවික යුක්තියේ මූලධර්මය” පිළිබඳ නොදැන සිටීමටද හේතුවක් නැත.
පාලක සභාවේ සියළු සාමාජිකයන් නීතිය පිලිබදව හෝ විශ්වවිද්‍යාල විනය පටිපාටිය පිලිබදව ප‍්‍රාමාණික දැනුමැත්තන් නොවේ.එම නිසා එවැනි කරුණු සම්බන්ධයෙන් පාලක සභාව වෙත නිසි උපදෙස් ලබාදීම නීති නිලධාරිනියගේ අත්හල නොහැකි වගකීමකි.මෙම විචක්ෂණශීලී නොවන තීරණය ගැනීමට පෙර අදාල නිලධාරිනිය සිය රාජකාරී වගකීම නිසි ලෙස ඉටු කලේ නම් මෙවැනි තීරණයක් නොගන්නට සහ එවැනි වැරදීමක් නොවන්නට ඉඩ තිබුණි.
පාලක සභාව විසින් එම අවස්ථාවේදී ගන්නා ලද සහ පසුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කිරීමට යෙදුනාවූ සහ මූලික අයිතිවාසිකම් කඩකිරීමකට හේතුවී තිබුනාවූ අනීතික සේවය අවසන් කිරීමේ තීරණයට පෙර නිසි නීති උපදෙස් ලබාදී නොතිබීම මගින් පෙනී යන්නේ අදාල අවස්ථාවේදී නීති නිලධාරී රසිකා වික‍්‍රමසිංහ සිය අවම රාජකාරී වගකීමවත් ඉටුකර නොමැති බවය
– මතු සම්බන්ධයි
Post Views: 2
Previous Post

වයස 18යි… සිහිනය අභ්‍යවකාශයයි!

Next Post

මීටර් 50ක් ඇදීගෙන ගියා…

Editor TTV News

Editor TTV News

Next Post
මීටර් 50ක් ඇදීගෙන ගියා…

මීටර් 50ක් ඇදීගෙන ගියා...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved