පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පළමු වසරේ සිසුන් දෙදෙනෙකු හෂීස් මත්ද්‍රව්‍ය සහ විදේශීය දුම්වැටි 40ක් සමඟ විශ්වවිද්‍යාල විනය ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පේරාදෙණිය පොලීසියට භාර දී තිබේ.
විශ්වවිද්‍යාල විනය ආරක්ෂක අංශය පවසන පරිදි, අදාළ සිසුන් මෙම මත්ද්‍රව්‍ය තොගය සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන ඇත්තේ විශ්වවිද්‍යාලයට අයත් මාකස් ප්‍රනාන්දු නේවාසිකාගාරය තුළදී අද දින සිදුකළ වැටලීමකදීය. අත්අඩංගුවට ගත් සිසුන් සහ සොයාගත් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.














