පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සනාථන මන්දිරයේ බිම් මහලේ නවතා තැබූ KDH වර්ගයේ වෑන් රථය අභිරහස් ලෙස ගිනිගෙන විනාශ වීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රජාව අතර කියැවෙන්නාවූ කථා කිහිපයක් ඇත. ඉන් ජනප්‍රියතම සහ වඩාත්ම සත්‍යයට ලං වේයැයි සිතිය හැකි කථාව මෙසේය.
සරසවියේ සමකාලීන මිතුරන් වූද පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිපාලනයේ ඉහළ පුටුවලට පත්වූවාවූද පුද්ගලයන් තිදෙනෙකු විය. දෙදෙනෙක් ආචාර්යවරුන් වූ අතර අනෙකා අනධ්‍යයන සේවකයන්ගේ නායකයෙක් විය. මෙම තිදෙනා එම විශ්වවිද්‍යාලයේම අනධ්‍යයන සේවිකාවන් වූ කාන්තාවන් තිදෙනෙකු සමග අනියම් ප්‍රේම සම්බන්ධතාවන් පවත්වාගෙන ගොස් තිබේ. මෙම කාන්තාවන් තිදෙනාගෙන් එක් අයෙක් ඉහළම නිලධාරියෙකුගේ ලේකම්වරියක් වූ අතර තවත් අයෙක් ශාරීරික අධ්‍යාපන උපදේශිකාවකි. අනෙක් තැනැත්තිය විද්‍යා පීඨයට අයත් දෙපාර්තමේන්තුවක අනධ්‍යයන නිලධාරිනියකි. මෙම සියල්ලෝම විවාහකයන් වූ බැවින් ඔවුන්ගේ අවකෙළි පවත්වාගෙන ගොස් තිබුණේ නිවෙස්වලට හොර රහසේ විශ්වවිද්‍යාලය තුළදීය. පරිපාලන රැස්වීම් තිබෙන බව පවසමින් බොහෝ රෑ බෝ වන තෙක් විශ්වවිද්‍යාලයේ රැදී සිටීම ඔවුන් පුරුද්දක් කරගෙන තිබුණි. උත්ප‍්‍රාසය දනවන කාරණය නම් තම තමන්ගේ නිවෙස් වලදී ඔවුන් සියල්ලෝම ආදරණීය මව්වරුන් සහ පියවරුන් වීමය.
මෙම කණ්ඩායම තමන්ගේ අවකල් ක්‍රියාවන් සඳහා විවිධ හෝටල් සහ නිවාස වෙත ගොස් තිබුණත්, ඒ සඳහා කිසිවිටෙකත් ඔවුන්ගේ නිල වාහන හෝ පෞද්ගලික වාහන භාවිතා කර නැත්තේ එමගින් රහස් හෙළිවේයැයි බියෙනි. ඒ වෙනුවට සිදුකර ඇත්තේ අනධ්‍යයන අංශයේ ලොක්කා සිය නිල බලය භාවිතා කරමින් විශ්වවිද්‍යාල වාහන සංචිතයේ ඇති වාහන රැගෙන, තමන් විසින්ම පදවාගෙන ගොස්, කාර්ය ඉටුකරගෙන නැවත ගෙනැවිත් තැබීමය.
2007 ඔක්තෝම්බර් 25 වන දින මෙම පිරිස අනාචාරයේ යෙදීම සඳහා යම් කිසි ස්ථානයකට යාමට සැලසුම් කරගෙන ඇත. එම ගමන සඳහා 6 දෙනාටම යා හැකි වාහනයක් ලෙස CPNA 2613 දරණ වෑන් රථය යොදා ගැනීමට තීරණය කළ අනධ්‍යයන ලොක්කා, ආරක්ෂක අංශයට ගොස් සිය නිල බලය යොදා කිසිදු ලේඛනයක අත්සන් තැබීමෙන් තොරව එහි යතුර රැගෙන යාමට කටයුතු කර ඇත. නිල ලේඛනවලට අනුව රියදුරු යතුරු භාරදී තිබුණද, සත්‍ය වශයෙන්ම වෑන් රථය ගිනි ගන්නා අවස්ථාව වන විට එම යතුර යතුරු පුවරුවේ තිබුණේ නැත.
මෙම එක් කාන්තාවකගේ නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා පොලිස් නිලධාරියෙකි. බිරිඳගේ අකටයුතුකම් ගැන ඔහුගේ පොලිස් ඉවට හසුවී තිබූ අතර, මෙම සිදුවීම අතටම අල්ලාගෙන ඇයට පාඩමක් ඉගැන්වීමට ඔහු කල් යල් බලමින් සිට ඇත. පොලිස් නිලධාරි සැමියාට සිය බිරිඳ තවත් පිරිසක්ද සමග යම් ස්ථානයකට ගිය බවට විශ්වවිද්‍යාලයෙන්ම ඔත්තුවක් ලැබී තිබුණි. වහාම ක්‍රියාත්මක වූ ඔහු තම හිතවතුන් කිහිප දෙනෙකුද සමග එම ස්ථානයට ගොස්, පිරිස නිවාඩු නිකේතනයෙන් පිටව එන අවස්ථාවේදී අල්ලා ගැනීම සඳහා මග රැක සිටියේය.
– වෑන් රථය ගිනි තැබීමට හේතුව ඊළඟ කොටසින් බලාපොරොත්තු වන්න
















