අප විසින් පසුගියදා පලකල”ආබාධිත හමුදා නිලධාරියෙකු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක අධ්‍යක්‍ෂ ලෙස පත්කරලා,යුධ හමුදාවෙන් සහ පේරාදෙණියෙන් වැටුප් දෙකක් ලබාදීලා” යන ප‍්‍රවෘත්තියට අදාලව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විසින් නිකුත් කර තිබෙන ‘මාධ්‍ය නිවේදනයට පිලිතුරු – 04 වන පියවර’ යටතේ මෙයින් ඉදිරිපත් කරමු.
මෙම ප‍්‍රවෘත්තියට අදාලව සම හරක් වසර 20 ක (අධිකාරී නොලත් නිලයන් වසර 22) සන්නද්ධ හමුදා සේවයෙන් විශ‍්‍රාම යාමෙන් පසුව වෙනත් රැකියාවක නිරතවීමයන කරුණ සමග
කපිලරත්න නැමැත්තා පේරාදෙණියේ අධ්‍යක්‍ෂ (ආරක්‍ෂක) ලෙස පත්ව යුධ හමුදාවෙන් සහ පේරාදෙණියෙන් වැටුප් දෙකක් ලබාගැනීමේ කතාව පටලවා ගෙන තිබෙන බව පෙනේ. සම හරක් දෙනාට නොපෙනෙන කපිලරත්න නැමැති අදාල පුද්ගලයාගේ කථාව වෙනස්ය. ඔවුන් හංගන කොටස මෙසේය.
සන්නද්ධ හමුදාවක අධිකාරීලත් නිලධාරීන් වයස 55 සපිරුණ විට විශ‍්‍රාම ගන්වනු ලැබේ. එහෙත් කපිලරත්න නැමැති අය අවුරුදු 55 සපිරීමට පෙර විශ‍්‍රාම ගන්වා ඇත්තේ වෛද්‍ය හේතු මත යුධ හමුදාවේ සේවයට නුසුදුසු වීම හේතුවෙනි. ඒ අනුව අවුරුදු 55 සම්පූර්ණ වන තෙක් ඔහුට සක‍්‍රීය සේවයේ යෙදී සිටින සේ සලකා පූර්ණ වැටුප් ගෙවනු ලබන අතර වයස 55 සපිරීමෙන් පසුව විශ‍්‍රාම වැටුප ගෙවනු ලබයි. ඒ අනුව ඔහුට මේ වන විට ශ‍්‍රී ලංකා යුධ හමුදාවෙන් පූර්ණ වැටුප් ගෙවනු ලැබේ.මෙම පූර්ණ වැටුපට ජීවන වියදම් දීමනාව ඇතුළු තත්ත්කාලීනව ගෙවනු ලබන සියළු දීමනා ඇතුලත් වේ.
පේරාදෙණිය උපකුලපති සිය මාධ්‍ය නිවේදනයෙන් පිළිගෙන ඇති පරිදි එම තැනැත්තාටම පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් අධ්‍යක්‍ෂ ආරක්‍ෂක තනතුරට අදාල වැටුප් ගෙවනු ලබයි.
මෙම වැටුප් පරිමාණය නියෝජ්‍ය ලේඛකාධිකාරීවරයෙකුගේ වැටුප් පරිමාණයට සමාන වන අතර එයට ජීවන වියදම් දීමනාව, විශ්වවිද්‍යාල සේවකයන්ට පමණක් ගෙවනු ලබන MCA දීමනාව සහ විශේෂ දීමනාවද ඇතුලත් වේ.
අප කියා සිටින්නේ රජයේ සේවකයෙකුට, එකවිට පූර්ණ වැටුප් දෙකක් ලබාගත නොහැකි බවය. එවැනි අවස්ථාවක අදාල දීමනා දෙවරක් එකම පුද්ගලයාට ගෙවීම සිදුවන බැවින්
ද්වී ගණන දෝෂය ඇතිවේ.
එය මහජන මුදලින් පුද්ගලයෙකුට අයුතු වාසි සලසා ගැනීමට ඉඩ හැරීමක් වන අතර රජයට පාඩු කිරීමක්ද වේ. මෙම හෙලිදව් කිරීම අනුව අදාල දෝෂය සිදුව තිබේද යන්න සොයා බැලීම අදාල බලධාරීන්ගේ වගකීමක් වුවත් ඔවුන් සිදුකරන්නේ ඒක පාර්ශ්වවිකව එම කාර්යයේ වරදක් නොමැති බව බෑගිරි ගසමින් නිවේදන නිකුත් කිරීමය.
කිසියම් පුද්ගලයෙකුට අවශ්‍ය නම් කපිලරත්න හෝ වෙනයම් ඕනෑම අයෙකුට සිය පෞද්ගලික මුදලින් හෝ බූදල් භාරයන්ගෙන් කැමති ගෙවීමක් සිදුකිරීමට හැකියාව ඇත.අප කිසිවිට ඒවා ප‍්‍රශ්න නොකරමු.එහෙත් රජයේ මුදල් නිස්කාරණේ නැති නාස්ති කිරීම සම්බන්ධයෙන් නම් නිහඩව සිටීමට අපට හැකියාවක් නැත.මන්ද ඒවා දුක් මහන්සියෙන් ජීවත්වන මහජනයාගේ බදු මුදලින් ඒකරාශී කර ඇති බැවිනි.
– මතු සම්බන්ධයි.
















