27 April 2024
#දේශීය

මාතලේ පෙරහර විථි සංචාරය කෙරේ

මාතලේ ශ්‍රි පුණ්‍යවර්ධන සමිතිය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන බිනර සදහම් පෙළහර ආගමික වැඩසටහන් මාලාවට සමගාමිව සිදු කරන “බිනර සදහම් පෙරහර “මාතලේ නගරයේ විථි සංචාරය කිරිම ඉකුත්දා සිදු විය.

මාතලේ ශ්‍රි පුණ්‍යවර්ධන සමිතියේ සභාපති ඉසුරු ජයවර්ධන මහතා ඇතුලු පාලක මණ්ඩලය විසින් මෙම කටයුතු සංවිධානය කර තිබුණි.

උඩරට පහතරට නැටුම්වලින් සමන්විත වු පෙරහර ආරම්භක අවස්ථාවට ප්‍රදේශයේ මහා සංඝරත්නය,රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක,මාතලේ විජය විද්‍යාලයිය ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් නිශාන්ත ඩයස් බණ්ඩාර,මාතලේ නාගරික කොමසාරිස් යුරේෂ් නිශාන්ත මාදුවගේ යන මහත්වරුන් ඇතුලු විශාල පිරිසක් එක්වි සිටියහ.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *