27 April 2024
#දේශීය #පුවත්

බහු කාර්ය සංවර්ධන සහයකින් 219 දෙනෙකු සඳහා ස්ථීර පත්වීම

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සේවය කළ බහු කාර්ය සංවර්ධන සහයකින් 219 දෙනෙකු සඳහා ස්ථීර පත්වීම ප්‍රධානය කිරීම උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් (29) වන දින සිදුකෙරිණි.

අඩු ආදායම්ලාභී පවුල්වලින් පසුගිය කාලයේ බඳවා ගන්නා ලද මෙම පිරිස 2023 වන වසරේ දෙසැම්බර් 31 වන දාට පෙර ස්ථිර සේවයට බඳවා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.

ඒ අනුව රියදුරු පත්වීම් 72ක්, සෞඛ්‍ය උපස්ථායක පත්වීම් 18ක්, සෞඛ්‍ය දුරකථන ක්‍රියාකරුවන් 05ක් සහ පළාත් සභාවේ අනෙකුත් අමාත්‍යංශ සඳහා ඉතිරි අයවලුන් අනුයුක්ත කර ඇත.

මෙම අවස්ථාවට උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර, ආණ්ඩුකර ලේකම් විජය වනසිංහ මහත්වරුන් ඇතුළු අමාත්‍යංශ ලේකම්වරු ආයතන ප්‍රධානීන්, බහු කාර්ය දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂක මේජර් ඒ.එම්. ලසන්ත කපිල කුමාර ඇතුළු නිලධාරීන් රැසක් සහභාගි වූහ.

 

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *