27 April 2024
#දේශීය

තුෂාරව අත්අඩංගුවට ගන්නැයි නාමල්ගෙන් පෙත්සමක්

කුරුණෑගල ඓතිහාසික බුවනෙකබා රාජසභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධියට අදාළ වගඋත්තරකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජාතික ජන බලවේගය පක්ෂය මැතිවරණ අපේක්ෂකයෙකු වන නාමල් කරුණාරත්න මහතා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

අදාළ පෙත්සමෙහිදී සඳහන් වන්නේ බුවනෙකබා රාජසභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධියට අදාළව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා අත්අඩංගුව ට ගෙන අධිකරණයට ඉදිරිපත් කර නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසයි.

එහි වගඋත්තරකරුවන් ලෙස වැඩ බලන පොලිස්පතිවරයා, කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂක කපිල අධිකාරි, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක, කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ, කුරුණෑගල නගර සභාව සහ නීතිපතිවරයා නම් කර තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *