පෙට්‍රල් තොගයක් රැගත් තවත් නෞකාවක් අද (29) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා සඳහන් කළේ මෙම නෞකාව මගින් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 36,000ක් මෙරටට රැගෙන එන බවයි. මීට අමතරව ඩීසල් තොගයක් රැගත් නැවක් ද ඊයේ දිනයේදී දිවයිනට පැමිණ තිබේ. මෙම නව ඉන්ධන තොග ලැබීමත් සමඟ ජුනි මස අවසානය දක්වා මෙරට ජාතික අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තහවුරු කරයි.













