වෙසක් පොහොය දිනය ඉලක්ක කරගනිමින් දිවයින පුරා දන්සල් 15,000කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය (PHIU) පවසයි.
එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ දන්සල් ලියාපදිංචිය තවදුරටත් විවෘතව පවතින බවයි. කෙසේ වෙතත්, දිවයිනේ විවිධ ප්‍රදේශවල බෝවන රෝග කිහිපයක් වාර්තා වීම හේතුවෙන් ආහාර බෙදා හැරීමේදී සහ පිළියෙළ කිරීමේදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙස ඔහු දන්සල් සංවිධායකයින්ගෙන් තරයේ ඉල්ලා සිටියි.













