නැගෙනහිර පළාතේ සිදුවූ ඝාතන සිද්ධි පහකට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු ලබන 27 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව මෙම රක්ෂිත බන්ධනාගාරගත කිරීම සිදුකර ඇත.
සිද්ධීන් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු අධිකරණ ක්‍රියාවලියට අනුව සිදුකෙරෙනු ඇත.














