පින්නවල අලි අනාථ නිවාසය අලි ඇතුන් පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානයක් සහ අභිජනන පහසුකම් සහිත ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇති බව පරිසර අමාත්‍ය ආචාර්ය දම්මික පටබැඳි මහතා පවසයි. පසුගිය සඳුදා (08) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙම නව ව්‍යාපෘතිය මගින් අලි ඇතුන් සංරක්ෂණය, අභිජනනය සහ පර්යේෂණ කටයුතු වඩාත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ අතර, ගෘහාශ්‍රිත අලි ඇතුන් සංස්කෘතික කටයුතු සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමට ඉදිරියේදී කමිටුවක් පත් කරන බව ද අමාත්‍යවරයා පැවසීය. එම කමිටුවේ නිර්දේශ මත අලි ඇතුන් සංස්කෘතික කටයුතු සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් සුදුසු ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට රජය අපේක්ෂා කරයි.
















