පින්නවල අලි අනාථාගාරය ඉදිරියේදී විද්‍යාත්මක අලි පර්යේෂණ මධ්‍යස්ථානයක් මෙන්ම අලි අභිජනන මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරීමට සැලසුම් කර ඇති බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳිගේ මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹදී අද (08) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
ශ්‍රී ලංකාවේ ආසියානු අලි සම්පත සුරක්ෂිත කිරීම සහ උන්ගේ සෞඛ්‍ය මෙන්ම ප්‍රජනන ක්‍රියාවලිය විද්‍යාත්මක පදනමක් යටතේ නිරීක්ෂණය කිරීම මෙම නව සංවර්ධන වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණක් වී තිබේ.
මේ අතර, මෙරට ආගමික හා සංස්කෘතික උත්සව සහ පෙරහැර කටයුතු සඳහා හීලෑ අලි ඇතුන් යොදා ගැනීම සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව සොයා බැලීමට ඉදිරියේදී විශේෂ කමිටුවක් පත් කරන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. එම කමිටුවේ නිර්දේශ මත පදනම්ව සතුන්ගේ සුභසාධනය ද සුරැකෙන පරිදි නිසි ක්‍රියාමාර්ග සහ රෙගුලාසි හඳුන්වා දීමට රජය බලාපොරොත්තු වේ.
















