27 April 2024
#දේශීය

පියල් හා ලොහාන්ගේ පෙර දැරූ රාජ්‍ය අමාත්‍ය ධුර තවදුරටත් ක්‍රියාත්මකයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2276/64 අංක දරණ 2022.04.22 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව ජනාධිපතිවරයා විසින් පත්කරන ලද රාජ්‍ය අමාත්‍යවරුන්ට අමතරව මීට පෙර පත්කර ඇති පහත සඳහන් රාජ්‍ය අමාත්‍යවරුන් ද තවදුරටත් කටයුතු කරන බව දන්වා තිබේ.

ඒ අනුව, ලොහාන් රත්වත්තේ මහතා – මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

පියල් නිශාන්ත ද සිල්වා මහතා – කාන්තා හා ළමා සංවර්ධන, පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *